ඔස්ට්‍රේලියාවේ වයින් කර්මාන්තය ගැන චීනය තීරණයක් ගනී

2020 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ වයින් කර්මාන්තය අඩපණ කර ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය තවත් සති කිහිපයකින් කටයුතු කරනු ඇති බවට වාර්තා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වයින් මත පනවා ඇති තීරුබදු ගාස්තු තවදුරටත් අවශ්‍ය නොවන බවට චීනයෙන් ඉඟි පලවී ඇති බවයි අනාවරණ වන්නේ.

බෝතල් කළ වයින් සඳහා සියයට 220ක් දක්වා වූ තීරුබදු පැනවීමට චීනය පියවර ගැනීමත් සමග ඩොලර් බිලියන 1.2ක් පමණ තිබු ආදායම 2023 වසර වන විට ඩොලර් මිලියන 10 දක්වා පහළ ගොස් තිබුණා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී චීනය එම තීරුබදු සම්බන්ධයෙන් සමාලෝචනයකට එකඟ වීමෙන් අනතුරුවයි බදු ඉවත් කිරීම සම්බන්ධ මෙම තොරතුර වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා පැවති ඇති විශාල තීරුබදු ද චීනය පසුගිය වසරේ ඉවත් කළ අතර එතැන් සිට වෙළඳාම නැවත සාර්ථකව ආරම්භ වී තිබෙනවා.

ප්‍රකාශයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) කියා සිටියේ චීනය විසින් පනවා ඇති සියලුම වෙළඳ බාධා ඉවත් කිරීම සඳහා රජය අඛණ්ඩව බලපෑම් කරන බවයි.

තීරුබදු ගැටලුව හේතුවෙන් පීඩාවට පත් වූ ඕස්ට්‍රේලියාවේ වයින් කර්මාන්තයට උපකාර කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ද පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඇතැම් මිදි වගා කරන්නන් පවසා ඇත්තේ තමන්ට මේ වසරේ මිදි සඳහා 1970 ගණන්වල පැවති ආකාරයේ මිලක් ලැබෙන අතර මිදි වැල් පණපිටින් තබා ගැනීමට දැවැන්ත අරගලයක නිරත වන බවයි.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »