ලොව පුරා අන්තර්ජාලය භාවිත කරන අය ගැන අලුත්ම හෙළිදරව්වක්

ලොවපුරා අන්තර්ජාලය භාවිත කරන පුද්ගලයින් දිනකට පැය 6යි විනාඩි 58ක් ඩිජිටල් තිරයක් දෙස බලා සිටින බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

එම අගය 2023 වසර හා සැසදීමේ දී දිනකට විනාඩි 49ක වැඩිවීමක් බව සඳහන්.

වර්තමානයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන ඔස්ට්‍රේලියානු සිසුන්ගේ ජංගම දුරකතන භාවිතය පිළිබඳ සිදු කළ අධ්‍යයනයකදී හඳුනාගෙන ඇත්තේ ප්‍රාථමික පාසැල් සිසුන්ගෙන් තුනෙන් දෙකකට තනි භාවිත ජංගම දුරකතන පවතින බවයි.

දුරකතන භාවිතය මගින් දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාව ගිලිහී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු Screen Time පිලිබඳ උපදේශන මාලාවට අනුව වයස අවුරුදු 5ත් 17ත් අතර ළමුන් සඳහා විනෝදාස්වාදය වෙනුවෙන් ඩිජිටල් තිරයක් භාවිතා කළහැකි උපරිම කාලය ලෙස සටහන් වන්නේ පැය 2ක් පමණියි.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු තුනක් වන ළමයකු සාමාන්‍යයෙන් පැය 2ත් විනාඩි 52ක කාලයක් ඩිජිටල් තිරයක් දෙස බලා සිටිනබව සඳහන්.

දැනුම වර්ධනය, නිර්මාණශීලී කුසලතා වර්ධනය වැනි කාර්යන්වලදී ඩිජිටල් උපකරණ භාවිතය ඉතා වැදගත් වුව ද ප්‍රමාණය ඉක්මවා මෙසේ ඩිජිටල් තිරයක් දෙස බලා සිටීම ළමුන්ගේ වර්ධනයට යම් බලපෑම් එල්ල විය හැකි බවයි විශේෂඥයින් අවධාරණය කර ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »