කාර්ඩිනියා පාර්ක් ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අධියරේ

ඩොලර් මිලියන 340ක වියදමින් යුත් ජීලොන් කාර්ඩිනියා පාර්ක් ක්‍රීඩාංගණයේ වැඩකටයුතු අවසන් අධියරට පැමිණ තිබෙනවා.

වසර 20කට පසු මෙම ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙලෙස නිමා කිරීමට ලැබීම කාගේත් අවධානයට ලක්ව තිබුණා.

කාර්ඩිනියා පාර්ක් ඔස්ට්‍රේලියාවේ හොඳම කලාපීය ක්‍රීඩාංගණය බවට පත් කිරීමේ ඉලක්කය ඇතිව ප්‍රාන්ත රජය විසින් මෙම ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති අතර නව ක්‍රීඩාගාරයේ ආසන 14000කින් යුත් මැදිරි සංකීර්ණයකින් ද සමන්විතයි.

මෙහි නව ගෘහස්ථ ක්‍රිකට් මධ්‍යස්ථානයක්, ක්‍රීඩා කෞතුකාගාරයක් සහ නව ප්‍රවේශගාරයකින් සමන් විත වන අතර ඒවායෙහි වැඩ කටයුතු අවසන් අධියරේ පවතින බව ද සඳහන්.

නව සහ වැඩිදියුණු කළ පහසුකම් සහ විශාල ධාරිතාවකින් යුත් ක්‍රීඩාංගණය දෙස් විදෙස් ක්‍රියාඩවන් සදහා සුවිශේෂී ස්ථානයක් වනු අතැයි ක්‍රීඩා බලධාරීන් පුරෝකතනය කර තිබෙනවා.

ක්‍රීඩාංගණය තුළ විනෝදාස්වාදය ගෙන දෙන අංගයන්ගෙන් සමන්විත වන අතර සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් නව අංග ද ඇතුලත් කර තිබෙනවා.

ජීලෝන්ග් නගරය මෙන්ම කාර්ඩිනියා පාර්ක් ක්‍රීඩාංගනය ලොව පුරා ප්‍රසිද්ධියට පත් කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇතැයි සඳහන්

ක්‍රිකට්,පාපන්දු සහ රග්බි තරඟාවලි මෙන්ම බොහෝ ප්‍රජා ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්වලට ද මෙම ක්‍රීඩාංගණය තෝතැන්නක් වන බවයි ක්‍රීඩා බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඔස් ස්ටේඩියම් සම්මාන උළෙලේදී ඔස්ට්‍රේලියාවේ හොඳම කලාපීය ක්‍රීඩාංගණයට හිමි සම්මානය ද මේ සදහා හිමිවනු ඇති බවට අපේක්ෂිතයි කරනවා.

දශක දෙකක් පුරා අදියර පහක් යටතේ මෙම ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබුණා.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »