
තරුණ ඔස්ට්‍රේලියානුවන් අන්තර්ජාල උපදේශකයින් හරහා මුදල් ඉතිරි කරගන්නා ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගන්නා බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
ෆයින්ඩර් විසින් සිදු කළ අධ්‍යයනයක දී තරුණ ඔස්ට්‍රේලියානුවන් සඳහන් කර ඇත්තේ මුදල් වියදම් කිරීම, ඉතිරි කිරීම සහ ආයෝජනය කරන ආකාරය පිළිබඳ අන්තර්ජාල උපදෙස් පිළිපදින බවයි.
සමීක්ෂණය සඳහා තරුණ ඔස්ට්‍රේලියානුවන් 1063 දෙනෙක් ප්‍රතිචාර දක්වා ඇති අතර ඉන් සියයට 30ක් සඳහන් කර ඇත්තේ මූල්‍ය උපදේශන සඳහා තමන් අන්තර්ජාලය භාවිත කරන බවයි.

ඒ අනුව සමස්ථ ජනගහනයෙන් මිලියන 6ක් පමණ මුදල් මග පෙන්වීම සඳහා සමාජ මාධ්‍ය උපදේශකයින් වෙත යොමුවන බව සඳහන්.
වයස අවුරුදු 27ට අඩු ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 48ක් මෙලෙස මූළ්‍ය උපදේශන සඳහා සමාජ මාධ්‍ය වෙත නැඹුරු වන බව ප්‍රකාශ කර තිබුණා.

ෆයින්ඩර්හි පුද්ගලික මූල්‍ය විශේෂඥ ටේලර් බ්ලැක්බර්න් පැවසුවේ ඔස්ට්‍රේලියාවේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීමට මූල්‍ය නිර්මාණකරුවන් උදව් කරන බවයි.
ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 13ක් මුදල් ඉතිරි කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය උපදේශමයින්ගේ දිරිමත් කිරීම් අනුගමනය කරන බව අදාළ සමීක්ෂණය මගින් පෙනී ගොස් තිබෙනවා.
තරුණ ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් ඔවුන්ගේ වියදම් අඩු කර ගැනීමට මෙම මුල්‍ය උපදේශන අනුගමනය කරන බව සඳහන්.
එක් පුද්ගලයෙකුට අදාළ වන උපදේශන තවත් කෙනෙකුට අදාළ නොවිය හැකි බැවින් සමාජ මාධ්‍යවල මූල්‍ය උපදෙස් සපයන පුද්ගලයින්ගේ අත්දැකීම් සහ සුදුසුකම් පරීක්ෂා කිරීම වැදගත් වන බව ද ෆයින්ඩර් හි පුද්ගලික මූල්‍ය විශේෂඥ ටේලර් බ්ලැක්බර්න් ප්‍රකාශ කළා.