ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට නිකුත් වූ දේශගුණික අවදානම් වාර්තාව

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම දේශගුණික අවදානම් තක්සේරු වාර්තාව නිකුත් කර තිබෙනවා.

දේශගුණික විපර්යාස පිළිබඳ ෆෙඩරල් සහකාර අමාත්‍ය ජෙනී මැක්ඇලිස්ටර් පැවසුවේ උෂ්ණත්වය ඉහළ යාම සහ කාලගුණික සිදුවීම් හේතුවෙන් සිදු වන දේශගුණික තත්ව වෙනස්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇති බවයි.

ඔස්ට්‍රේලියානුවන් දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳ දැනුවත්ව සිටිය ද ඒ පිළිබඳ පුලුල් අවබෝධයක් නොමැති බව සඳහන්.

මේ සඳහා කාළගුණය පමණක් නොව සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම් සහ ගොඩනැගිලිවල ගුණාත්මකභාවය, ආහාර පද්ධතිවල තිරසාරභාවය මෙන්ම විශ්වසනීයත්වය, ජලය සඳහා ප්‍රවේශය වැනි හේතු සාධක බලපෑම් කරන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාව නිරතුරු දේශගුණික විපර්යාසයන්ට ලක්වන අතර ඒ සඳහා තිරසර විසඳුම් කලාපීය මට්ටමින් සිදු කිරීමත්, සිදු විය හැකි හානි පූර්ව තක්සේරු සිදු කර ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිළිබඳ මෙම වාර්තාව මගින් වැඩි ඉඩක් ලබාදී තිබෙනවා.

ඒ අනුව අවදානම් හඳුනා ගැනීම සහ ඒවා සඳහා සූදානම් වීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »