ඔස්ට්‍රේලියාව තුළ වායු දූෂණයට ප්‍රධාන වන මෝටර් රථ නිපදවන සමාගම් පහක් ඔස්ට්‍රේලියානු දේශගුණ කවුන්සිලය හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව වාහන මගින් සිදුවන වායු දූෂණ ගැටලුව විසඳීම සඳහා ඔස්ට්‍රේලියානු රජය ලබන වසරේ සිට වාහන කාර්යක්ෂමතා ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු මෝටර් රථ සමාගම් වෙතින් මෙම යෝජනාවලට විරෝධතාවක් මතුව ඇති බව සඳහන්
මෙලෙස පරිසරික බලපෑම් සිදු කෙරෙන මෝටර් රථ සමාගම් පහ ෆිල්ති ෆයිව් (Filthy Five) ලෙස නම් කර ඇති අතර ටොයෝටා සමාගම ඒ අතුරින් ප්‍රමුඛත්වයට පත්ව තිබෙනවා.
ටොයෝටා සමාගම 2023 වසරෙහි නව මෝටර් රථ අලෙවිය ඔස්සේ ගල් අඟුරු පතල් 46කට වඩා වැඩි වායු දූෂණයක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ෆෝඩ්, හයිහුන්ඩායි, රෙනෝලඩ්, නිසාන් මිට්ෂුබිසි සහ මැස්ඩා (Ford, Hyundai, Renault-Nissan-Mitsubishi and Mazda) යන වාහන අලෙවිය ඔස්සේ ද අධික ලෙස වායු දූෂණයක් සිදුවන බව දේශගුණ කවුන්සිලය හඳුනාගෙන තිබෙනවා.
එම කවුන්සිලයේ උපදේශක ප්‍රධානී ආචාර්ය ජෙනිෆර් රෙන අවධාරණය කර ඇත්තේ ප්‍රවාහන ක්ශේත්‍ර මෙරට වායු දූෂණය සඳහා බලපෑම් කරන ප්‍රධාන අංශයක් වන බවයි.
මෙලෙස ප්‍රමිතීන්ගෙන් තොර මොටර් රථ දහස් ගණනක් මෙරට මාහමාර්ගවල පවතින අතර වාහන මිලදී ගැනීම් ප්‍රමීතින් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට ආරම්භ වනු ඇති.
ඒ අනුව කාබන් විමෝචනය පිළිබඳ සීමාවන් පැනවීමට ද පියවර ගෙන තිබෙනවා.