
ආහාර අනාරක්ෂිත බව අත්විඳින ඔස්ට්‍රේලියානු සිසුන් සඳහා නව වැඩසටහනක් අත්හදා බැලීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.
නව ප්‍රජා ආහාර මධ්‍යස්ථාන සඳහා 2018 වසරේ සිට ලැබුණු ඩොලර් මිලියන 10ක අරමුදල් සමග මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිතයි.
වික්ටෝරියානු ෆුඩ් බෑන්ක් පුණ්‍ය ආයතන මගින් ජනතාව අත්විඳින තදබදය පාලනය කිරීම සහ ඔස්ට්‍රේලියානු සිසුන්ගේ ආහාර සුරක්ෂිතභාවය වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව ගිප්ස්ලන්ඩ් සහ ලැට්‍රෝබ් නිම්නය ආශ්‍රිතව නව ෆුඩ් බෑන්ක් පුණ්‍ය ආයතනයක් විවෘත කිරීමට නියමිත අතර එමගින් ඔස්ට්‍රේලියානු සිසුන් වෙත වැඩි අවධානයක් යොමු කරමින් ආහාර නිකුත් කිරීම සිදු වනු ඇති.
කාලගුණික විපර්යාසයන්ට නිතර ලක්වන එම නිම්න ආශ්‍රිත ජනතාවට එමගින් ලැබෙන ප්‍රතිලාභ ඉහළ වන බව ද සඳහන්.

මේ අතර මාර්තු 19 වන දින බැලරට් ෆෙඩරේෂන් විශ්ව විද්‍යාලය පරිශ්‍රයේ foodbank ශාඛාවක් ආරම්භ කිරීමට නියමිත අතර සුපිරි වෙළදසැලක ආහාර ලබා ගන්නා ආකාරයෙන් එහිදි ආහාර ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවනවා.
ෆෙඩරේෂන් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ඉගෙනුම් නිලධාරී සමන්තා බාර්ට්ලට් සදහන් කර ඇත්තේ මෙම ක්‍රියාවලිය මගින් සිසුන්ගේ ජීවිත පරිවර්තනය කරන අතර සිසුන්ගේ ආහාර අනාරක්ෂිත භාවය ආමන්ත්‍රණය කිරීමට ද හැකිවනු ඇති බවයි.