මෙල්බන් නිවසකින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අඹුසැමි යුවළකගේ සිරුරු හමුවෙයි

මෙල්බර්න් නුවර නිවසක මියගොස් සිටියදී හමුවූ වැඩිහිටි යුවළගේ අනන්‍යතාව හෙළි කරගෙන තිබෙනවා.

වයස අවුරුදු 80ක් පමණ වන ඔවුන් දෙදෙනා ඩොයින් කැස්පර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් ලෙසටයි වික්ටෝරියා පොලිසිය හඳුනාගෙන ඇත්තේ.

ඩොයින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ජනවාර්ගික කණ්ඩායම නියෝජනය කරන සමාජ ශාලාවක් වන බර්ගර් සංගමයේ උප සභාපතිවරයා ලෙසට ද කටයුතු කළ අයෙක්.

මෙල්බර්න් හි ඊසානදිග ප්‍රදේශයේ පිහිටි නිවසේ මෙම අඹු සැමි යුවළ මියගොස් සිටියදී සොයා ගැනුණේ ඊයේ පෙරවරුවේ යි.

මරණයට හේතුව කුමක්ද යන්න පොලිසිය මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

මෙම යුවළ වසර 25ක පමණ කාලයක් එම ප්‍රදේශයේ ඉතා සාමකාමීව ජීවත් වූ බව අසල්වාසීන් සඳහන් කර තිබෙනවා.

ඔවුන්ගේ මරණවලට හේතුව සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල එන තෙක් බලාපොරොත්තුවෙන් සිටින අතර මරණ දැනට සැක සහිත ලෙස නොසලකන බවයි පොලිසිය සඳහන් කළේ.

අසල්වැසියන් වාර්තාකරුවන්ට පැවසුවේ මෙම යුවළ පසුගිය ඉරිදා සහ සඳුදා දිනවල සාමාන්‍ය පරිදි ඔවුන්ගේ දිනය ගත කරන ආකාරය දුටු බවයි.

මෙල්බර්න්හි ශ්‍රී ලාංකික ප්‍රජාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන කැස්පර්ස් මහතා සැමවිටම අනෙක් යට උදව් කිරීමට උනන්දු වන පුද්ගලයෙක් බව අසල්වැසියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු බර්ගර් සංගමයේ සභාපති හර්මන් ලූස් පැවසුවේ කැස්පර්ස් මහතා සහ ඔහුගේ බිරිඳගේ මරණය ගැන තමා සම්පූර්ණ කම්පනයට පත් වූ බවයි.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »