ඔස්ට්‍රේලියාවේ දුරකථන භාවිත කරන අය ගැටලුවක

ඔස්ට්‍රේලියාවේ 3G තාක්ෂණික ජාලය වසා දැමීමට ගත් තීරණයත් සමග ඇතැම් දුරකතන පරිශීලකයින්ට ද බලපෑම් එල්ල වී ඇති බව පාරිභෝගිකයින් චෝදනා නගනවා.

ඇතැම් ඔස්ට්‍රේලියානු දුරකතන සම්බන්ධතාවන්හි 3G ජාලා අවලංගු කිරීම හේතුවෙන් ලබාගන්නා ඇමතුම්වලට පවා ගැටලු මතුව ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් වෝඩාෆෝන් භාවිත කරන පාරිභෝගිකයින් මේ අතුරින් වැඩි බලපෑමකට ලක්ව ඇති බව සඳහන්.

3G ජාලය අවලංගු කිරීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කර ඇති අතර ඉදිරියේ දි සමස්ත ඔස්ට්‍රේලියාව තුළම 3G භාවිතය අවලංගු වනු ඇති.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු විදුලි සංදේශ බලධාරීන් 3G ජාලය අවලංගු කිරීමට පෙර තම දුරකතන සිම්පත් යාවත්කාලීන කරගන්නා ලෙස පාරිභෝගිකයින්ට අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ

අධියර කිහිපයක් යටතේ මෙම භාවිතය තහනම් කෙරෙන අතර 2024 ජුනි 30 වනදා සිට ටෙල්ස්ට්‍රා සහ ඔප්ටස් සමාගම් සඳහා 3G භාවිතය අවලංගු වනු ඇති.

Vodafone සඳහා පසුගිය දෙසැම්බර් මස සිය මෙම අත් හදාබැලීම ක්‍රියාත්මක අතර මිලියන ගනන් Vodafone පාරිභෝගිකයින් අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම ගැටලු මගහරවා ගැනීම සදහා දුරකතන පද්ධති තුලට වොයිස් ඕවර් ලෝන්ග් ටර්ම් ඉවලුෂන් (voice over long term evolution) නව තාක්ෂණික මෘදුකාංග සක්‍රිය කරගන්නා ලෙස විදුලි සංදේශ නියාමකයින් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »