මතබේධාත්මක පුරවැසි නීතියක් ක්‍රියාත්මක කරන්න ඉන්දියාව සූදානමින්

මුස්ලිම් විරෝධී බවට විවේචනයට ලක්ව ඇති මතභේදාත්මක පුරවැසි නීතියක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබෙනවා.

එම පුරවැසි සංශෝධන පනත මගින් පකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල මුස්ලිම් නොවන පුද්ගලයන්ට පුරවැසිභාවය ලබා ගැනීමට ඉඩ සැලසෙනු ඇති.

ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සඳහන් කළේ 2019 වසරේ දී සම්මත කරන ලද මෙම නීතිය ක්‍රියාත්මක කිරීම මගින්
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තවත් පොරොන්දුවක් ඉටු කර ඇති බවයි.

නව පුරවැසි නීතියත් සමග අදාළ රටවල වෙසෙන හින්දු, සීක්, බෞද්ධ, ජෛන සහ ක්‍රිස්තියානි ආගමික ජනතාවට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සුදුසුකම් ඇති පුද්ගලයන්ට දැන් ඉන්දියානු පුරවැසිභාවය සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කළ හැකි බවයි.

එම අයදුම්පත් භාරගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදයක් දැනටමත් සකස් කර තිබෙනවා.

මෙම නීතිය සම්බන්ධයෙන් බොහෝ දුර්මත පවතින අතර Covid-19 වසංගතය හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූ බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම පනත වසර ගණනාවක් තාඩන පීඩනවලට ලක්වූ ඉන්දියාව හැර ලෝකයේ වෙනත් රටක රැකවරණයක් නොමැති අය සඳහා පමණක් වබව ද අමාත්‍යංශය අවධාරණය කර තිබෙනවා.

නව නීතියට අනුව, පුරවැසිභාවය අපේක්ෂා කරන්නන් 2014 වසරේ දෙසැම්බර් 31 වන විට පකිස්ථානය, බංග්ලාදේශය හෝ ඇෆ්ගනිස්ථානයේ සිට ඉන්දියාවට පැමිණි බව ඔප්පු කළ යුතුයි.

නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාව වැනි මුස්ලිම් නොවන රටවල තාඩන පීඩනවලින් පලා යන දෙමළ සරණාගතයින් ඇතුළු අය නව නීතියෙන් ආවරණය නොවන බව සඳහන්.

අසල්වැසි මියන්මාරයේ සිට පැමිණෙන රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් සඳහා ද මෙමගින් ප්‍රතිපාදන හිමිවන්නේ නැහැ.

2019 වසරේදී සම්මත වූ මෙම පනත මුස්ලිම් විරෝධී බව සඳහන් කරමින් පැවති විරෝධතා හමුවේ කිහිපදෙනෙකු ජිවිතක්ෂයට ද පත්ව තිබුණා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »