Search

ඇස්බැස්ටස් ආශ්‍රිත රෝගවල වැඩිවීමක් සිදු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ ඇස්බැස්ටස් ආශ්‍රිත රෝගවල වැඩිවීමක් සිදු විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

තම දේපළවල වැඩ කිරීමට පෙර නිවෙස් හිමියන් අවදානම් තත්ත්වය පිළිබඳව නොදැන සිටියහොත් ඇස්බැස්ටස් ආශ්‍රිත රෝග වැඩිවීමක් සිදු විය හැකි බවටයි විශේෂඥයෙක් ප්‍රකාශ කර ඇත්තේ.

දැනට සිඩ්නි නුවර පුරා ඇස්බැස්ටස්වලින් දුෂිත වූ ස්ථාන 48ක් හඳුනාගෙන ඇති අතර ඉන් ස්ථාන හයක් මාරාන්තික ඇස්බැස්ටස්වලින් දූෂිත වී තිබෙනවා.

ඇස්බැස්ටස් සහ අන්තරායකර ද්‍රව්‍ය උපදේශක සංගමයේ සාමාජික ජෝන් බට්ටි සඳහන් කළේ පුලුල්ව පැතිරී ඇති දූෂණය හමුවේ දුර්වල භාවිතයන් සමඟ වඩාත් අවදානම් තත්වයක් මතු විය හැකි බවයි.

ඉදිකිරීම් සමාගම් මෙන්ම ප්‍රතිසංස්කරණය කරන්නන් විසින් පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කරන විට, ඇස්බැස්ටෝස් සමීක්ෂණයක් සිදු නොකළහොත්, සෘජුවම බලපාන අවදානමක් ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඇස්බැස්ටස්වලට නිරාවරණය වීම අනතුරුදායක වන අතර එය වාතයෙන් ගමන් කර පෙනහළු පිළිකා සහ ඇස්බැස්ටෝසිස් වැනි රෝග වර්ධනය වීමේ වැඩි අවදානමක් පවතින බවයි.

තම නිවස 1990 වසරට පෙර ඉදිකරන ලද්දක් නම් එම ඉඩමෙහි ඇස්බැස්ටස් තිබීමට ඇති ඉඩකඩ වැඩිය වන අතර ඔස්ට්‍රේලියාවේ නිවාස තුනෙන් එකක ඇස්බැස්ටස් පවතිනවා.

ඒ සම්බන්ධයෙන් නිශ්චිතවම දැන ගැනීමට ඇති එකම ක්‍රමය නම් බලපත්‍රලාභී ඇස්බැස්ටෝස් තක්සේරුකරුවෙකු සම්බන්ධ කර ගැනීම බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »