ඔස්ට්‍රේලියාවේ ජීවිත ගැන සතුටු හිතෙන පුවතක්

කොවිඩ් වසංගතය අතරතුර ගෝලීය ආයු අපේක්ෂාව වසර 1.6 කින් පහත වැටී තිබුණ ද ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍ය ආයු අපේක්ෂාවේ වැඩිවීමක් වාර්තා කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව, එලෙස ආයු අපේක්ෂාවේ වැඩිවීමක් පෙන්නුම් කළ රටවල් 32න් එකක් බවයි නවතම දත්ත අනාවරණය කර ඇත්තේ.

වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සෙට් හි ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයකට අනුව ඔස්ට්‍රේලියාවේ මරණ සංඛ්‍යාව සියයට 0.01 කින් ඉහළ ගොස් තිබුණ ද 2019 සිට 2021 දක්වා ආයු අපේක්ෂාව ද වැඩි වී තිබෙනවා.

නවසීලන්තය ලොව අඩුම මරණ අනුපාතිකයක් සහිත රටවල් හතරට ඇතුලත් වන අතර අපේක්ෂිත වයස් සීමාවට අදාළව සිදු විය යුතු මරණ සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කිරීම මීට හේතුවයි.

ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් 2019 සහ 2021 අතර පිරිමි මරණ අනුපාතය සියයට 22 කින් සහ කාන්තාවන් සඳහා සියයට 17 කින් ඉහළ ගොස් ඇති බව මෙම අධ්‍යයනයට අනුව අනාවරණ වී තිබෙනවා.

මෙක්සිකෝ සිටි, පේරු සහ බොලිවියාවේ ආයු අපේක්ෂාවෙහි විශාලතම පහත වැටීම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

නමුත් එම කාලය තුළ ළමුන් අතර මරණ අනුපාතය සියයට හතකින් අඩු වීම විශේෂත්වයක්.

වසර 50ක පමණ කාලය තුළ සිදු වූ විවිධ ගැටුම් සහ ස්වභාවික විපත් ඇතුළු කරුණු හමුවේ සිදු වූ මරණවලට වඩා COVID-19 වසංගතය ලොව පුරා සිටින වැඩිහිටියන්ට වඩාත් බලපෑමක් සිදු කර ඇතැයි සඳහන්.

මෙම වසංගතය තුළ රටවල්වල සියයට 84ක ආයු අපේක්ෂාව පහත වැටී ඇති අතර, නව රෝග කාරකයන්ගේ විනාශකාරී බලපෑම් එමගින් පෙන්නුම් කරන බවයි සඳහන් වන්නේ.

විශ්ව විද්‍යාල විශාල සංඛ්‍යාවක් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයට අනුව, වසංගතය තුළ වැඩිහිටි පුද්ගලයින් අතර මරණ අනුපාතය පෙර වසර 70ක කාලයක් තුළ නොදුටු ආකාරයෙන් ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ 2020 සහ 2021 වසරවල දී ගෝලීය වශයෙන් මිලියන 16ක් පමණ මිය යනු ඇතැයි ගණන් බලා තිබූ අතර 2017 දී පහත වැටීමට පටන් ගත් ගෝලීය ජනගහන අනුපාතය අතර වසංගතය තුළ වේගවත් වූ බව සඳහන්.

2021 වසර වන විට, රටවල් 56ක් ජනගහනයේ උච්චතම ස්ථානයට පැමිණ තිබූ අතර එම රටවල් රැසක මේ වන විට ජනගහන අඩුවීමක් දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් අඩු ආදායම්ලාභී රටවල ශීඝ්‍ර ජනගහන වර්ධනය අඛණ්ඩව සිදු වී ඇති බවයි මෙම වාර්තාවල දැක්වෙන්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »