නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 11 සහ 12 වසරවල සිසුන් සඳහා ගණිතය අනිවාර්ය කිරීමේ රජයේ සැලසුම් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.
ප්‍රාන්තයේ අධ්‍යාපන ප්‍රමිති අධිකාරිය විසින් මෙම තීරණය තහවුරු කර ඇති අතර ඒ අනුව ගණිතය විකල්ප විෂයක් වශයෙන් පවතිනු ඇති.
ඇගයීම මගින් සිසුන් හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ උසස් පාසල් අධ්‍යාපනයේ දී ඇති විය හැකි ඉගෙනුම් හිඩැස් හඳුනා ගැනීම වෙනුවෙන් ගුරුවරුන්ට වඩා හොඳ විකල්ප ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
2026 වසරේ දී පැමිණෙන නව විෂය නිර්දේශයන් සමඟින් ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිවල ගණිතය අනිවාර්ය කිරීමේ සැලැස්ම මීට පෙර පැවති ලිබරල් රජය එවකට අගමැතිවරයා යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
බාලාංශයේ සිට 10 වසර දක්වා ගණිත විෂය නිර්දේශ දැනටමත් පාසල්වල ක්‍රියාත්මක කර ඇති අතර 11 සහ 12 වසර විෂය නිර්දේශ මේ වසර අගදී නිකුත් කිරීමටයි නියමිතව තිබුණේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් අධ්‍යාපනය තුළ ජ්‍යෙෂ්ඨ වසරවලදී ගණිතය අනිවාර්ය වන්නේ නැහැ.