චෝදනා එල්ල වූ රෝහලේ තවත් අවාසනාවන්ත මරණ දෙකක්

ළදරු මරණ සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත රෝහලකට පසුගිය සමයේ එල්ල වූ චෝදනාවලින් අනතුරුව ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂකවරයා විසින් එම රෝහලේම තවත් ළදරු මරණ දෙකක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඇතැයි වාර්තා වනවා.

මෙම ළදරු මරණ සිදුවී ඇත්තේ එම රෝහලේ ප්‍රසව හා නාරිවේද සේවය පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමෙන් මාස කිහිපයකින් පසුව වීම විශේෂත්වයක්.

2023 වසරේ මැයි මාසයේදී මැකේ මූලික රෝහලේදී උපත ලබා දින හතකට පසු බිලිඳෙක් මිය ගිය අතර මීට මාස දෙකකට පෙර ද එම රෝහලේම උපත ලබා දින පහකට පසු තවත් බිලිඳෙක් මරණයට පත් වුණා.

ළදරුවන් දෙදෙනාගේම මරණවලට හේතුවී ඇත්තේ උපතේදී ඔක්සිජන් හෝ රුධිර ගමනා ගමනයේ දුර්වලතාවක් ලෙසටයි පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

මැකේ මූලික රෝහලේ මව්වරුන්ට ප්‍රමාණවත් රැකවරණයක් නොමැති බව විමර්ශනයෙන් සොයා ගත් අතර මෙම ළදරුවන්ගේ මව්වරුන්ට ජීවිත කාලය පුරාම ශාරීරික හා මානසික හානියක් සිදු වනු ඇති බව එමගින් සඳහන් කර තිබෙනවා.

අදාළ විමර්ශනය මගින් මැකේ රෝහල සම්බන්ධයෙන් නිර්දේශ 122ක් ලබා දී ඇති බව සඳහන්.

එම නිර්දේශ අතර මනා සන්නිවේදනය, රෝහල් සංස්කෘතිය සහ රෝගීන් කෙරෙහි සංවේදනය වැඩිදියුණු කිරීම ඇතුළත් වී තිබෙනවා.

රෝහල්වල සිදුවන සියලුම අනපේක්ෂිත මරණ හදිසි මරණ පරීක්ෂක වෙත යොමු කෙරෙන අතර මෙම ළදරුවන්ගේ මරණයට හේතුව සම්බන්ධයෙන් ඔහුගෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු වී නැහැ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »