
උතුරු ඔස්ට්‍රේලියාවේ නව නිවාස ව්‍යාපෘතියක් සඳහා වසර 10ක් වෙනුවෙන් වන ඩොලර් බිලියන 4ක ගිවිසුමක් අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඉදිරි දශකය තුළ උතුරු ප්‍රදේශයේ ආදිවාසී ප්‍රජාවන් වෙනුවෙන් නිවාස ගොඩනැගීමේ අරමුණින් අගමැතිවරයා මෙම නිවාස ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කරන බව සඳහන්.
ෆෙඩරල් රජය, ප්‍රාදේශීය ආන්ඩු, ඉඩම් කවුන්සිල සහ උතුරු ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ඉඩම් කවුන්සිලය අතරයි ගිවිසුම අත්සන් කෙරෙන්නේ.

මෙම අරමුදල් මගින් උතුරු ප්‍රදේශයේ සෑම වසරකම නව නිවාස 270ක් හෝ ගිවිසුමේ ආයු කාලය වන වසර 10 තුළ නිවාස 2,700ක් දක්වා ඉදිකිරීමට අපේක්ෂිතයි.
2018 සිට ෆෙඩරල් සහ ප්‍රාන්ත ආන්ඩු අතර ඇති කර ගනු ලැබූ ගිවිසුමකින් උතුරු ප්‍රදේශයේ ප්‍රජාවන් 73ක් සඳහා නිවාස 650 කට ආසන්න ප්‍රමාණයක් ඉදි කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසුවේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය වටා ඇති පරතරය තුරන් කිරීම මෙන්ම අනෙකුත් කටයුතු සඳහා නිවාස ඉතා වැදගත් බවයි.
ඩොලර් බිලියන 4 ක ගනුදෙනුව හරහා කුමන ආකාරයේ නිවාස ඉදි කරන්නේ ද යන්න මෙතෙක් පැහැදිලි කර නැහැ.
මෙම ප්‍රදේශයේ පවතින දැඩි කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් නිවාස ඉදිකර නොමැති බවට මීට පෙර චෝදනා එල්ලවී තිබුණා.