හතු වර්ග ආහාරයට ගන්නවා නම් මේ ගැන විමසිලිමත් වෙන්න

වනගත ප්‍රදේශ ආශ්‍රිතව හටගන්නා ඇතැම් හතු වර්ග ආහාරයට ගැනීමෙන් ජීවිතය වුව ද අහිමි විය හැකි බව ආහාර සුරක්ෂිතතා තොරතුරු කවුන්සිලය ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබෙනවා.

ඩෙත් කැප් වැනි හතු වර්ග ආහාරයට ගැනීමේ අවදානම හේතුවෙනුයි එහි ඇති අන්තරායන් පිළිබඳව ඔස්ට්‍රේලියානුවන්ට මෙලෙස අනතුරු අඟවා ඇත්තේ.

කැලෑබද ප්‍රදේශවල හටගන්නා ඇතැම් හතු වර්ග ආහාරයට ගැනීම ජනප්‍රිය ක්‍රියාකාරකමක් බවට පත්වෙමින් පවතින අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇතැම් කණ්ඩායම් එවැනි කටයුතු දිරිමත් කරමින් සිටිනවා.

එහෙත් ආහාර සුරක්ෂිතතා තොරතුරු කවුන්සිලයේ සභාපති කැතී මෝයර් පැවසුවේ එය ජීවිතයට තර්ජනයක් විය හැකි විනෝදාංශයක් බවයි.

සමාජ මාධ්‍ය කණ්ඩායම් සමඟ 40,000කට අධික සාමාජිකයින් පිරිසක් හතු ආහාර සෙවීම පිළිබඳ සිදු කරනු ලබන ප්‍රවර්ධන ක්‍රියාකරකම් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙමින් සිටින බවයි ඇය සඳහන් කළේ.

ඇතැම් යෙදවුම් මෙන්ම සහ ගූගල් ඔස්සේ සෙවීම හතු නිවැරදිව හඳුනා ගැනීමට විශ්වාසදායක ක්‍රමයක් නොවන බව කැතී මෝයර් අවධාරණය කළා.

බිම්මල් ආහාරයට ගැනීම ආශ්‍රිතව සිදු වන මරණවලින් සියයට 90ක් පමණ ඩෙත් කැප් බිම්මල්වලට ආහාරයට ගැනීම හේතුවෙන් සිදුවී ඇති බවට හෙළිවී තිබෙනවා.

පසුගිය වසරේ වික්ටෝරියා ජාතික යුවලක් ඝාතනය කිරීමට ද මෙම බිම්මල් යොදා ගෙන ඇති බවටයි ඔවුන්ගේ ලේලියට පොලිසියෙන් චෝදනා එල්ල වුණේ.

මෙවැනි ඇතැම් විෂ සහිත හතු වර්ග ආහාරයට ගැනීමෙන් පසු ඇති වන රෝග ලක්ෂණ අතර වමනය, පාචනය සහ බඩේ කැක්කුම ඇතුළත් වන අතර සාමාන්‍යයෙන් ආහාර ගැනීමෙන් පැය 10 සිට 16 දක්වා කාලය තුළ ඒවා ඇති විය හැකි බව සඳහන්.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »