ලෝකයේම කතා බහට ලක්වූ ඡායාරූපය ගැන කැතරින් කුමරියගෙන් ප්‍රකාශයක්

සංස්කරණය කරන ලද ඡායාරූපයක් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වීමෙන් පසු වේල්ස්හි කුමරිය විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් ඒ පිළිබඳ සමාව ඉල්ලා තිබෙනවා.

වේල්ස්හි කුමරිය තමාගේ සහ දරුවන්ගේ ඡායාරූපයක් මෙලෙස සංස්කරණය කර කාන්තා දිනයේදී සමාජ මාධ්‍යවල පළ කර තිබුණා.

එහි ඇති කැපී පෙනෙන සංස්කරණ ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්වීමෙන් අනතුරුවයි ඒ පිළිබඳ ඇති වූ ව්‍යාකුලත්වය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත්තේ.

බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන් තමා ද ඉඳහිට සංස්කරණය කිරීම අත්හදා බලන බව කැතරින් ප්‍රකාශ කර තිබෙනවා.

විලියම් කුමරු විසින් ගන්නා ලද මෙම ඡායාරූපය ජනවාරි මාසයේදී කැතරින්ගේ සැත්කමෙන් පසු මාධ්‍යයට මුදා හරින ලද පළමු ඡායාරූපය ලෙසටයි සැලකුණේ.

එහි චාලට් කුමරියගේ වම් අත මෙන්ම ඡායාරූපයේ තවත් ස්ථාන රැසකින් මගින් එය සංස්කරණය කරන ලද එකක් බවට පැහැදිළිව පෙනී ගොස් තිබුණා.

රාජකීය මූලාශ්‍රවලට අනුව, කෙන්සිංටන් මාලිගය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද පින්තූරයට වේල්ස් කුමරිය විසින් සුළු වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බවටයි පැවසෙන්නේ.

කෙන්සිංටන් මාලිගය පැවසුවේ කැතරින් සහ ඇගේ දරුවන්ගේ සංස්කරණය නොකළ මුල් ඡායාරූපය නැවත නිකුත් නොකරන බවයි.

චාලට් කුමරිය, ලුවී කුමරු සහ ජෝර්ජ් කුමරු සමග කුමරිය වාඩි වී සිටින අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.

එය කේට් කුමරියගේ උදර ශල්‍යකර්මයට මාස දෙකකට පෙර සිදු කළ පළමු නිල ඡායාරූපය බවට පැවසෙන අතර එතැන් සිට ඇය මහජනයාට දැක ගැනීමට හැකි වූයේ නැහැ.

මේ අතර ඊයේ වේල්ස් කුමරිය විලියම් කුමරු සමඟ මෝටර් රථයකින් වින්ඩ්සර් මාලිගයේ සිට පිටතට යන ආකාරය දැක ගැනීමට හැකි වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »