Search

මෙල්බන්වල පොදු ප්‍රවාහන සේවා භාවිත කරනවා නම් මේ ගැන අවධානයෙන් ඉන්න

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් අගනුවර පොදු ප්‍රවාහන සේවා තුළ වාර්තාවන ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

රහසිගත විමර්ශන වාර්තාවකින් හෙළිව ඇත්තේ සෑම දිනකම අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස පහරකෑම්වලට ලක්වන බවයි.

මේ අතර අවම වශයෙන් එක් මගියකු හෝ සෑම දිනකම දුම්රිය තුළදී පහරකෑමට ගොදුරු වන බව ද සඳහන්.

මෙල්බන්හි ට්‍රෑම් රථ අසල හෝ ට්‍රෑම් රථ තුල අවම වශයෙන් එක් පුද්ගලයෙක් දෛනිකව ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක්වන බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන දෙපාර්තමේන්තු දත්තවලට අනුව පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙල්බර්න්හි දුම්රිය තුළ හෝ දුම්රිය ස්ථානවලදී පුද්ගලයන් 719 දෙනෙකු මෙලෙස ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරුව තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන අමාත්‍ය ගේබ්‍රියෙල් විලියම්ස් සඳහන් කලේ මෙලෙස පොදු ප්‍රවාහනය තුළ ප්‍රචණ්ඩත්වය වැඩිවීමට පැහැදිලි හේතුවක් නොමැති අතර මේ පිළිබද නිරීක්ෂණය සදහා CCTV කැමරා පද්ධති නිසි පරිදි ස්ථාන ගත කිරීමට පියවර ගන්නා බවයි.

2020 වසරේ සිට පොදු ප්‍රවාහන ආශ්‍රිත ප්‍රචණ්ඩක්‍රියා වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරුවූවන් රජයෙන් ඉල්ලා ඇත්තේ මේ සඳහා සාධාරණ විසදුමක් ලබාදීමට මැදිහත්වන ලෙසයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »