ඔස්ට්‍රේලියාවේ වාහනයක් පාවිච්චි කරන ඔබටත් මේ තොරතුරු වැදගත් වෙයි

ඔස්ට්‍රේලියාවේ වර්තමාන වාහන නඩත්තු වියදම් උද්ධමනය මෙන් තුන්ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වත්මන් උද්ධමන අගය සියයට 4.1ක් ලෙස සටහන්ව ඇති අතර වාහන නඩත්තු සඳහා වන වියදම සියයට 13කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නගර ආශ්‍රිත වාහන භාවිතා කරන්නන්ට එම අගය සියයට 12.4ක් ලෙස සටහන්ව ඇති අතර අමතර ප්‍රාදේශීය ප්‍රදේශවල එම අගය සටහන්ව ඇත්තේ සියයට 13.7ක් ලෙසයි.

මෙලෙස වාහන නඩත්තු සඳහා යන වියදම් ඉහළ යාම කෙරෙහි බලපා ඇති සාධක අතර වාහන මිල ඉහල යාම, වාහන ණය සඳහා ගෙවිය යුතු පොලී අනුපාත ඉහල යාම, රක්ෂණාවරණ ලබාගැනීමේදී රක්‍ෂණ වාරික මිල ඉහල යාම වැනි කරුණු බලපා තිබෙනවා.

2022 වසරේ දෙසැම්බර් මාසය වනවිට ගමනා ගමනය සඳහා වියදම් කළ ප්‍රමාණය නිවසේ මුළු ආදායමෙන් සියයට 15.6ක්ව තිබුණ ද එම අගය මේ වනවිට සියයය 17 දක්වා වැඩිවී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ අඩුම ගමනාගමන වියදමක් පෙන්නුම් කරන ප්‍රධාන නගරය ලෙස හෝබාට් නම්කර තිබෙනවා.

මෙහිදී බ්‍රිස්බේන් නගර වැසියන් තම ආදායමෙන් සියයට 18.7ක් ප්‍රවාහනය සඳහා වැය කරන අතර මෙල්බන් වැසියන් තම ආදයමෙන් සියයට 17.9 ක් වාහන නඩත්තු ඇතුලු ප්‍රවාහන වියදම් වෙනුවෙන් වැය කරනු ලබනවා.

එසේම ඩාවින් වැසියන්ගේ ප්‍රවාහන වියදම සියයට 17.4ක් වන අතර මිල අධිකතම ප්‍රවාහන සේවාවන් සහිත නගරය ලෙස නම් කර ඇත්තේ සිඩ්නි නගරයයි.

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »