තනිව යාමට හැකි ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ඉහළ තැනක්

2024 වසරේ තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේ සිටින බව ෆෝබ්ස් සඟරාව පවසනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ දුෂ්කර වසර ගණනාවකින් පසු ශ්‍රී ලංකාව මේ වනවිට සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණෙමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවට ඉහළින් එම ලැයිස්තුවේ ජපානය, ආජන්ටිනාව සහ ඊජිප්තුව යන රටවල් ඇතුලත්ව තිබෙනවා.

වයස අවුරුදු 30 සිට 50 දක්වා වන තනි පුද්ගල සංචාරකයින්ට ආරක්ෂිත රටවල් පිළිබඳ සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙසයි ශ්‍රී ලංකාව මෙලෙස ම් කර ඇත්තේ.

ෆ්ලෑෂ් පැක් (Flash Pack) සමාගම හා සමගාමීව මෙම වාර්තා නිකුත් කර ඇති අතර තනිව සංචාරය සඳහා වඩාත් ආරක්ෂිත රට ලෙස ජනාපන නම් කර තිබෙනවා.

2024 දී තනි සංචාරකයින් සඳහා වඩාත් ජනප්‍රිය සිව්වන ගමනාන්තය ශ්‍රී ලංකාව වන අතර පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වූ ආර්ථික, සමාජ, දේශපාලන සහ ව්‍යසනකාරී තත්ව හමුවේ මෙලෙස සිව්වන ස්ථානයට පැමිණ තිබීම විශේෂත්වයක්.

විදේශිකයින් අතර ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගය වඩාත් ආකර්ෂණීය අංගය ලෙස නම් කර තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ 5වන සහ 6 වන ස්ථාන හිමිවී ඇත්තේ පිළිවෙලින් කොලොම්බියාවට සහ ඉක්වදෝරයටයි.

එසේම පිලිපීනය සහ තායිලන්තයද තනිව සංචාරය සදහා වඩාත් ආරක්ෂිත මෙන්ම ආකර්ෂණීය නගර ලෙස නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »