![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
ශ්‍රී ලංකාව කාලය නාස්ති කරන පුද්ගලයින් අඩුම පිරිසක් ජීවත් වන රටවල් අතර ඉහළ ස්ථානයක් හිමිකරගෙන තිබෙනවා.
2023 වසරේ දි ලොව මිනිස් ප්‍රජාවගේ මානසික තත්ත්වය පිළිබඳව සේපියන් ලැබ්ස් (Sapien Labs) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුවයි මෙම ශ්‍රේණිගතකිරීම සිදු කර ඇත්තේ.
කාලය නාස්ති කරන පුද්ගලයින් සිටින රටවල් නොහොත් මිස්රබල් නේෂන්ස් (miserable nations) ලෙස මෙම වාර්තාව දක්වා ඇති අතර ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය අගය කිරීම් අනුව ලොව 2 වැනි ස්ථානයට පත්ව ඇති බව සඳහන්.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
ඒ ලකුණු 89ක් වැනි ඉහළ අගයක් ද ලබාගනිමින් වීම ද විශේෂත්වයක්.
ඒම ශ්‍රේණිගත කිරීම් අනුව ඩොමිනිකන් ජනරජය පළමු ස්ථානයට පත්ව ඇති අතර ටැන්සානියාව, පැනමාව සහ මැලේසියාව පළමු ස්ථාන 5 ඇතුලට නම් කර තිබෙනවා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 14ක් පමණක් පීඩාවට හෝ අරගලවලට ගොදුරු වන බව වාර්තා වන අතර එය ගෝලීය වශයෙන් අඩු අගයක් බව එම වාර්තා පෙන්වා දෙනවා.
වාර්තාවට අනුව, මෙය සියයට 35ක් දක්වා මානසික සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙන බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානිය වැනි රටවලට වඩා හාත්පසින්ම වෙනස් බව සඳහන්.
මෙම අධ්‍යයනය සඳහා 2023 වසරේ දී, කලාප 9ක් පුරා විහිදුණු රටවල් 71ක් සහ භාෂා 13කින් ප්‍රතිචාර දැක්වූවන් 500,000කට අධික සංඛ්‍යාවක් යොදාගෙන තිබෙනවා.
විශේෂයෙන් වයස අවුරුදු 35ට අඩු ලොව පුරා වෙසෙන තරුණ ප්‍රජාව කොවිඩ් වසංගත කාලසීමාව තුළ දැඩී මානසික අවපීඩනයකට පත්ව ඇති අතර 2023 වසරේ සිට එම අගය සාමාන්‍ය තත්වයට පත්වෙමින් පවතින බවද සඳහන්.
මින් පෙර කාලය නාස්ති කරන පුද්ගලයින් අඩුවෙන්ම සිටින රටවල් අතර ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය වැනි රටවල් ඉහළ ස්ථානයක සිටියද නවතම වාර්තා අනුව මෙවර එම රටවල් පහල ස්ථානයට පැමිණීම කාගේත් අවධානයට යොමුව තිබෙනවා.