Search

ජීවන වියදම් අර්බුදය මැද ඔස්ට්‍රේලියානුවන් සිදු කරන අලුත් ක්‍රියාවක් ගැන තොරතු-රු

ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ඔස්ට්‍රේලියානුවන් විශාල සංඛ්‍යාවක් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගණුදෙනු සිදු කරන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සෑම ඔස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් මෙලෙස ජීවන අර්බුදය හමුවේ පෙර නොවු අයුරින් එදිනෙදා අවශ්‍යතා සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන බව සඳහන්.

සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා යොමු වූ වැඩිම පිරිසක් වාර්තා වන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්.

එම අගය පිළිවෙලින් සියයට 34 සහ සියයට 30ක්.

සමස්ථයක් ලෙස ක්‍රෙඩිට්කාඩ් පත් ගණුදෙනු සඳහා අලුතින් එක්වු ඔස්ට්‍රේලියානුවන් පිරිස සියයට 27ක් වනවා.

පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු එදිනෙදා වියදම් ගෙවීම සදහා ක්‍රෙඩිට් කඩ්පත් ගණුදෙනු සදහා යොමුවන බව සඳහන්.

පවතින මූල්‍ය ආතතිය මත ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 8.5 ක් පුණ්‍යායතනයකින් උපකාර ඉල්ලා සිටින බව නවතම වාර්තා අනුව පෙනී ගොස් තිබෙනවා.

මේ අනුව ජීවන වියදම් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු බවයි ඔස්ට්‍රේලියානුවන් ප්‍රකාශ කරන්නේ.

මේ අතර සෑම වසරකම ඩොලර් බිලියන 2.5ක වටිනාකමින් යුත් අලෙවි නොවූ ගෘහ භාණ්ඩ, ඇඳුම් සහ පුද්ගලික සනීපාරක්ෂක භාණ්ඩ අනවශ්‍ය ලෙස නාස්ති වන බව ද තොරතුරු වාර්තා වනවා.

සමාජ සේවා අංශ පවසන්නේ මෙම භාණ්ඩ පුණ්‍ය ආයාතන ඔස්සේ හෝ පුද්ගලයින් වෙත ලබා දීම කෙරෙහි අවදානය යොමු කළ යුතු බවයි.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »