රජයේ නව ප්‍රතිපත්ති නිසා ඔස්ටෙලියාවේ අධ්‍යාපනයට සිදුවූ බලපෑම

නව ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රතිපත්ති හේතුවෙන් ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් රාජධානියේ අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම කෙරෙහි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව නව ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රතිපත්ති එම රටවල අධ්‍යයනය සඳහා ඇති උනන්දුව සැලකිය යුතු ලෙස අඩු කරන බවයි ද වොයිස් ඔෆ් ද ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් සිදු කළ නවතම අධ්‍යයනයක දී හෙළිවී ඇත්තේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ ඉල්ලුමෙහි වැඩිවීමක් පෙන්නුම් කරන බව ද සඳහන්.

එක්සත් රාජධානිය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සම්බන්ධ නව සීමාකාරී ප්‍රතිපත්ති දැනටමත් එම රටවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ඉල්ලුම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී රටවල් 67ක් පුරා සිසුන් 2500කට වැඩි පිරිසක් උපයෝගි කර ගනිමින් සිදු කළ අධ්‍යයනයේදී ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා රටක් තෝරා ගැනීමේදී නැවත සලකා බැලීම් කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරන බව සඳහන්.

කැනඩාව සඳහා අනාගත ශිෂ්‍ය ඉල්ලුම පහත වැටී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය සහ නෙදර්ලන්තය කෙරෙහි 2024 වසරේ වැඩි කැමැත්තක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.

විදේශ සිසුන් අධ්‍යාපනය සදහා පැමිණීමට පෙර දෙවරක් සිතීමේදී ඔස්ට්‍රේලියාවට පැමිණීම පිළිබඳ සියයට 47ක් සහ කැනඩාවට පැමිණීම සියයට 43 ලෙස සිතීමට යොමුව ඇති බවයි ද වොයිස් ඔෆ් ද ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් වාර්තා පෙන්වා දෙන්නේ.

එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව හෝ කැනඩාවට යාමට දෙවරක් සිතන සිසුන් සඳහා වඩාත් ආකර්ෂණීය ගමනාන්තය බවට ඇමරිකා එක්සත් ජනපදය ඇතුලත්ව ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »