ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබත් මේ ගැටලුවෙන් පීඩා විඳිනවා ද?

ඔස්ට්‍රේලියානුවන්ගේ මාසික වැටුපට සාපේක්ෂව කුලී නිවාස මිල ගණන් ද ඉහළ ගොස් තිබීම බරපතල මූල්‍ය ආතතියක් බව ප්රොප් ට්‍රැක් රෙන්ටල් අෆඩබිලිටි (PropTrack Rental Affordability) නවතම වාර්තා මගින් හෙළිව තිබෙනවා.

මෙය වසර 17කට පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වු දරුණුතම නිවාස කුලී අර්බුධය ලෙසයි හඳුන්වා ඇත්තේ.

ඩොලර් 110000ක ආදායමක් ඇති පවුලකට වත්මන් වෙළඳපොලෙහි වූ කුලි නිවාසක් මිලදී ගැනීමේ හැකියාව සියයට 39ක් බව ප්රොප් ට්‍රැක් රෙන්ටල් අෆඩබිලිටි වාර්තා මගින් පෙන්වා දෙනවා.

එම වාර්තා අනුව නිව් සවුත් වේල්ස්, ටස්මේනියාව සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මෙලෙස කුලී නිවසක් මිලදී ගැනීමට වඩාත් දුෂ්කර ප්‍රාන්ත ලෙසටයි නම් කර ඇත්තේ.

එසේම වික්ටෝරියා ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් සඳහා වඩාත්ම දැරිය හැකි ප්‍රාන්තය ලෙසයි නම් කර තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස මිල නරක අතට හැරුණ ද එය අනෙකුත් ප්‍රාන්ත මෙන් තියුණු ලෙස පිරිහී නොමැති බව සඳහන්.

2023 වසරේ ජූලි මස සිට දෙසැම්බර් දක්වා මාස හයක් පුරා ඔස්ට්‍රේලියාව පුරා කුලී නිවාස අර්බුදයෙන් පිඩා විදින ජනතාව අධ්‍යයනය කරමින් මෙම වාර්තාව නිකුත් කර තිබෙනවා.

සිඩ්නි සහ මෙල්බර්න් වැනි රටේ බොහෝ ප්‍රදේශවල කුලී නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු අගයක් පෙන්නුම් කල ද ටස්මේනියාවේ කුලී නිවැසියන් දැරිය නොහැකි කුලී නිවාස මිල ගණන් හේතුවෙන් පීඩා විදින බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ කුලීනිවාස මිලගණන් ඉහළ යාම බරපතල තත්වයක් වන අතර වහාම විසඳුම් ලබා දෙන ලෙසට ෆෙඩරල් රජයට යෝජනා රැසක් මෙම වාර්තා හරහා ඉදිරිපත් කර තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »