ජෝන් සීනා උපන් ඇඳුමින් ඔස්කාර් සම්මාන උළෙලට පැමිණි හේතුව

96 වන ඔස්කාර් සම්මාන උළෙලේ සිදු වූ වෙනස්ම සිදුවිමක් පිළිබඳ මේවන විට ජාත්‍යන්තර මාධ්‍යය තුල වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

ඒ වසරේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වූ සම්මානය ප්‍රකාශයට පත් කිරීම සඳහා ඇමරිකානු මල්ලවපොර ක්‍රීඩකයෙක් මෙන්ම නළුවෙක් සහ හිටපු රැප් ගායකයෙක් වන ජෝන් සීනා වේදිකාවට පැමිණි ආකාරය හේතුවෙන්.

හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානය පිරිනැමීමට ජෝන් සීනා වේදිකාවට පැමිණ ඇත්තේ සම්පුර්ණයෙන් නිරුවතින් වූ අතර එය පැමිණ සිටි සියලු දෙනාගේ මවිතයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් වී තිබුණා.

ජෝන් සීනාගේ ඉදිරිපත් කිරීම හමුවේ මෙම වසරේ ඇඳුම් නිර්මාණය සඳහා වූ සම්මානය කිසිවෙකුට පහසුවෙන් අමතක නොවනු ඇති.

හොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 96 වන ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වුණේ ඇන්ජලිස්හි ඩොල්බි රංග ශාලාවේදී යි.

ජෝන් සීනා සම්පූර්ණයෙන්ම නිරුවතින් වේදිකාවේ පෙනී සිටියේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වූ ජයග්‍රාහකයාගේ නම සහිත ලියුම් කවරය මගින් සිය යටි කය නිරුවත වසා ගනිමින්.

පිරිමි ශරීරය විහිළුවක් විය යුතු නැතැයි එහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

පසුව වැඩසටහන ඉදිරිපත් කළ විකට නළු ජිමී කිමෙල්ගේ සහාය ඇතිව සීනාව රෙද්දකින් ආවරණය කර “Poor Things” චිත්‍රපටය වෙනුවෙන් හොලි වැඩින්ටන් හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් ඔස්කාර් සම්මානයට පාත්‍ර වන බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙවර ඔස්කාර් සම්මාන උළෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඔපන්හයිමර් (“Oppenheimer”) චිත්‍රපටයට හිමි වුණා.

මෙවර සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ ඔපන්හයිමර් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ සිලියන් මර්ෆි (Cillian Murphy) විසින්.

මේ අනුව හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමිකරගත් පළමු අයර්ලන්ත ජාතිකයා බවට සිලියන් මර්ෆි පත්ව වනවා.

එමෙන්ම හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා සම්මානය හිමිකර ගත්තේ ද ඔපන්හයිමර් චිත්‍රපටය වන අතර එම සම්මානය අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන් ට (Christopher Nolan) හිමි වුණා.

හොඳම සහාය නළුවා ලෙස රොබර්ට් ඩවුනි (Robert Downey) සම්මානයට පාත්‍ර වුයේ ඔපන්හයිමර් චිත්‍රපටියේ රංගනය වෙනුවෙන්.

ඔස්කාර් සම්මාන උළෙල්දී පුඅර් තින්ග්ස් (“Poor Things”) චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන් (Emma Stone) හොඳම නිලිය සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

එහිදී හොඳම සහාය නිළිය ලෙස “ද හෝල්ඩෝවර්ස්” (“The holdovers”) චිත්‍රපටය වෙනුවෙන් Da’Vine Joy Randolph සම්මාන දිනා ගත්තා.

හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටිය ලෙස ‘‘ද සෝන් ඕෆ් ඉන්ටරෙස්ට්‘‘ චිත්‍රපටය සම්මාන දිනාගෙන තිබෙනවා.

එහිදී එම චිත්‍රපටියේ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා වූ ජොනතන් ග්ලේසන් ගාසා තීරයේ සිදුකරන මානුෂීය නොවන ප්‍රහාර සම්බන්ධයෙන් ද අදහස් පළ කිරීම විශේෂත්වයක්.

මේ අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම ගීතයට හිමි සම්මානය හිමිකරගත්තේ “Barbie” චිත්‍රපටියේ “What Was I Made For” ගීතය රචනා කළ Billie Eilish සහ ඇයගේ සහෝදරයා වන Finneas O’Connell විසින්.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »