බ්‍රිතාන්‍ය කාන්තාවක් ඝාතනය කළ බ්‍රිස්බේන් තරුණයාට අධිකරණයේදී සිදු වූ දේ

ඔස්ට්‍රේලියාවේ පිහිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ නිවසට කඩා වැදී ඇය ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ තරුණයෙකු එම ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.

41 හැවිරිදි එමා ලවෙල් නම් කාන්තාව 2022 වසරේ බොක්සිං දිනයේදී බ්‍රිස්බේන්හි පිහිටි අනවසරයෙන් නිවසට ඇතුළු වූවන් දෙදෙනෙකු විසින් පිහියෙන් ඇන ඝාතනය කර තිබුණා.

ඇය 2011 වසරේදී ඉප්ස්විච් සිට තම දියණියන් සහ සැමියා සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අයෙක් බව සඳහන්.

සැකකරුවන් ඒ වන විට 17 හැවිරිදි වියේ පසුවූවන් වන අතර ඔවුන්ට වැරදි හතරක් යටතේ චෝදනා එල්ල වී තිබුණා.

මෙම සිද්ධියේදී ප්‍රධාන සැකකරු සොරකම් කිරීම, ද්වේෂසහගත ක්‍රියාවක් කිරීම සහ පුද්ගලයෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ බ්‍රිස්බේන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී වරද පිළිගෙන තිබෙනවා.

මේ වන විට 18 වැනි වියේ පසුවන ඔහු රිමාන්ඩ් භාරයේ පසුවන අතර මැයි මාසයේදී දඬුවම් නියම කිරීමට නියමිතයි.

අනෙක් සැකකාර තරුණයා මෙතෙක් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නැහැ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »