Search

සෑම ඔස්ට්‍රේලියානු පස් දෙනෙකුගෙන් තිදෙනෙක් පත්වී ඇති අපහසුතාවක් ගැන හෙළිදරව්වක්

සෑම ඔස්ට්‍රේලියානු පස් දෙනෙකුගෙන් තිදෙනෙක් මූල්‍ය ආතතියෙන් පසුවන බව ෆයින්ඩර් නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

ඒ අනුව මූල්‍ය පීඩනය යටතේ සිටින සමස්ත ඔස්ට්‍රේලියානුවන් ගණන මිලියන 11.9ක් බවයි වාර්තා වන්නේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවට අනුව කාන්තාවන්ගෙන් සියයට 69ක් සහ පිරිමි පුද්ගලයින්ගෙන් සියයට 49ක් මෙලෙස මුල්‍ය ආතතියෙන් පසුවන බව සඳහන්.

වයස අවුරුදු 27ට අඩු තරුණ ඔස්ට්‍රේලියානුවන් මෙලෙස මූල්‍ය ආතතියට ගොදුරු වූ ඉහළම කාණ්ඩය ලෙස නම් කර ඇති අතර එම අගය සටහන්ව ඇත්තේ සියයට 77ක් ලෙසයි.

ෆයින්ඩර් හි මුදල් විශේෂඥ රෙබෙකා පයික් සඳහන් කළේ ජීවන අර්බුධය හමුවේ මිලියන සංඛ්‍යාත පවුල් ඒකක මූල්‍ය පීඩනය අත්විදින බවයි.

මූල්‍ය ආතතිය ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික සෞඛ්‍යයට විනාශකාරී බලපෑමක් ඇති කළ හැකි අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට වඩා එනම් සියයට 53ක් මෙලෙස දැඩි ආතතියෙන් පසුවන බව හෙළිවී තිබෙනවා.

සමීක්ෂණයට සහභාගිවුවන්ගෙන් වැඩි පිරිසක් සඳහන් කර ඇත්තේ තම අවශ්‍යතාවලින් වැඩි ප්‍රමණායක් කප්පාදු කිරීමට සිදුව ඇති අතර මූල්‍ය ආතතිය හේතුවෙන් ජීවිතයේ වටිනා අවස්ථා රැසක් මගහැර ඇති බවයි.

රෙබෙකා පයික් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ඉතුරුම් ඉහළ නැංවීමට සහ වියදම් කපා හැරිය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීමට කටයුතු කිරීමෙන් මුල්‍ය ආතතිය සදහා යම් සහනයක් ලබා ගත හැකි බවයි.

බාලි යන ඔස්ට්‍රේලියානුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවන වැරදි මෙන්න

ඉන්දුනීසියාවේ බාලි දූපත්වල සංක්‍රමණ නීති සඳහා හඳුන්වා දුන් වෙනස්කම් හේතුවෙන් ඇතැම් සංචාරකයින්ට ජීවිතාන්තය දක්වා සිරගත විය හැකි දඬුවම් ඇතුලත් බවට වාර්තා වනවා.

Read More »

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »