සිඩ්නි වරාය පාලම මත අය කෙරෙන ගාස්තු ගැන යෝජනාවක්

සිඩ්නි වරාය පාලම සහ උමං මාර්ගයේ දුර්වල ක්‍රියාකාරී ගාස්තු පද්ධතිය නිවැරදි කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෝටර් රථ රියදුරන්ට ඉදිරි වසර 40 තුළ මාර්ග ගාස්තු වශයෙන් ඩොලර් බිලියන 123ක් ගෙවීමට සිදු වී ඇති අතර එය අවශ්‍ය මිලට වඩා ඉහළ අගයක් බවයි නව වාර්තාවකින් හෙළිවී ඇත්තේ.

ප්‍රාන්තයේ මාර්ග ගාස්තු ක්‍රමය පිළිබඳව අද නිකුත් කරන ස්වාධීන සමාලෝචනයක ඇතුලත් කරුණුවලින් එකක් ලෙසට එය සැලකෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග 13න් 11ක හිමිකාරීත්වය දරන ගාස්තු ක්‍රියාකරු ඒකාධිකාරයක් දරන ආකාරය ද සමාලෝචනය මගින් ඉස්මතු කර ඇතැයි සඳහන්.

යෝජිත නව වෙනස්කම්වලින් යතුරුපැදිකරුවන් සඳහා වන ගාස්තු අඩු කිරීම් ඇතුලත් වන අතර ගාස්තු රහිත මාර්ගවල තදබදය අවම කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

නිව් සවුත් වේල් ප්‍රාන්තයේ මාර්ග ගාස්තු අගය සැළකිය යුතු මට්ටමේ ඉහල අගයක් පෙන්නුම් කළ අතර ඉදිරියේදි රියදුරන්ට නව වාසි හිමිවනු ඇති බවට ද පුරෝකතනය කර තිබුණා.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »