හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය Cillian Murphy දිනා ගනී

96 වන ඔස්කාර් සම්මාන උළෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඔපන්හයිමර් (“Oppenheimer”) චිත්‍රපටයට ලැබී තිබෙනවා.

මෙවර සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ ඔපන්හයිමර් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ සිලියන් මර්ෆි (Cillian Murphy) විසින්.

මේ අනුව හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමිකරගත් පළමු අයර්ලන්ත ජාතිකයා බවට සිලියන් මර්ෆි පත්ව වනවා.

එමෙන්ම හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා සම්මානය හිමිකර ගත්තේ ද ඔපන්හයිමර් චිත්‍රපටය වන අතර එම සම්මානය අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන් ට (Christopher Nolan) හිමි වුණා.

හොඳම සහාය නළුවා ලෙස රොබර්ට් ඩවුනි (Robert Downey) සම්මානයට පාත්‍ර වුයේ ඔපන්හයිමර් චිත්‍රපටියේ රංගනය වෙනුවෙන්.

මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙල්දී පුඅර් තින්ග්ස් (“Poor Things”) චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන් (Emma Stone) හොඳම නිලිය සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

එහිදී හොඳම සහාය නිළිය ලෙස “ද හෝල්ඩෝවර්ස්” (“The holdovers”) චිත්‍රපටය වෙනුවෙන් Da’Vine Joy Randolph සම්මාන දිනා ගත්තා.

හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටිය ලෙස ‘‘ද සෝන් ඕෆ් ඉන්ටරෙස්ට්‘‘ චිත්‍රපටය සම්මාන දිනාගෙන තිබෙනවා.

එහිදී එම චිත්‍රපටියේ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා වූ ජොනතන් ග්ලේසන් ගාසා තීරයේ සිදුකරන මානුෂීය නොවන ප්‍රහාර සම්බන්ධයෙන් ද අදහස් පළ කිරීම විශේෂත්වයක්.

මේ අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම ගීතයට හිමි සම්මානය හිමිකරගත්තේ “Barbie” චිත්‍රපටියේ “What Was I Made For” ගීතය රචනා කළ Billie Eilish සහ ඇයගේ සහෝදරයා වන Finneas O’Connell විසින්.

මෙම සම්මාන උළෙල මෙවරත් මෙහෙයවනු ලබන්නේ විකට නළු ජිමී කිමෙල් විසින්.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »