කොරෝනා වසංගත තත්වය සලකා බලා ඕස්ට්‍රේලියානු රජය දෙමාපිය​ වීසා(Parents visa) නීති වෙනස් කරයි!

ෆෙඩරල් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික වෙනසක් යටතේ දෙමාපිය​ වීසා (Parents visa) බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ අයදුම්පත් ක්‍රියාවට නංවන අතරතුර ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර දෙනු ලැබේ.

පෙර නීතිරීතිවලට අනුව, විදේශයන් හි සිට දෙමාපිය​ වීසා සඳහා අයදුම් කිරීම ආරම්භ කොට දැන් ඕස්ට්‍රේලියාව තුල සිටියහොත් එම පුද්ගලයා හට වීසා බලපත්‍රය ලැබීමට නම් ඕස්ට්‍රේලියානු දේශ සීමාවෙන් පිටත රැඳිය සිටිය යුතුවේ.

නමුත් බොහෝමයක් දෙනාගේ තර්ක කිරීම් වලට අනුව ​ දැන් පවත්නා දේශ සීමාවන් සහ නිරෝධායන නීති සමූහයන් නිසා එය ඉතා අපහසු බව වටහා ගෙන ඇත​.

ආගමන විගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක් පැවසුවේ 2021 පළමු කාර්තුවේ මෙම වෙනස්කම් බලාත්මක වන බවයි.

මවුපියන්, දායක දෙමව්පියන් (173) හෝ දායක දෙමාපියන් (143) වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර ඇති ඕනෑම කෙනෙකුට රට තුළ රැඳී සිටීමට අවසර දෙනු ඇත​.

“COVID-19 කාල සීමාව තුළ ඕස්ට්‍රේලියාවේ සිටියදී වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කර ඇති ඇතැම් දෙමාපිය වීසා බලපත්‍ර අයදුම්කරුවන්ට එම වීසා බලපත්‍රය ලබා දීමට රජය කටයුතු කරමින් සිටී.” මේ වෙනස්කම සිදුවුවත් වීසා බලපත්‍ර අයදුම්පත් සඳහා වන කාල රාමුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බව අමාත්‍යවරයා පැවසීය.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »