අතුරුදන්ව සිටි ආබාධිත දරුවා අවසානයේදී හමුවූ තැන

දින දෙකකට වැඩි කාලයක් අතුරුදහන්ව සිටි ඔටිසම් රෝගයෙන් පෙළුණු 12 හැවිරිදි පිරිමි ළමයා නිරුපද්‍රිතව හමුවී තිබෙනවා.

හුසේන් අල් මන්සූරි නම් මෙම දරුවා අද දහවල් 12.40ට පමණ හමුවී ඇත්තේ සිඩ්නි ඕබර්න් ප්‍රදේශයේ සිටියදී යි.

අද පොලිසිය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණේ සෝදිසි කිරීම තීරණාත්මක මට්ටමක පවතින බව ද ප්‍රකාශ කරමින්.

විශේෂයෙන් මේ දිනවල උෂ්ණත්වය ද ඉහළ යමින් පවතින බැවින් ඔහු ඉතා අවදානමට ලක්විය හැකි අයෙක් බව පොලිසිය සඳහන් කර තිබුණා.

මේ හේතුව මතයි අතුරුදන් වූ ළමයා සොයා ගැනීම අතිශයින් අභියෝගාත්මක කරුණක් වී තිබුණේ.

විශාල පොලිස් කණ්ඩායමක් සහ විශේෂඥ කාර්ය මණ්ඩලය 100කට අධික පිරිසක් සෝදිසි කිරීම සඳහා නගරයම ආවරණය කර තිබු බව සඳහන්.

හුසේන් සෙනසුරාදා උදෑසන සිට අතුරුදහන් වී සිටියේ ඕබර්න් අනුස්මරණ උද්‍යානයේ සිට ස්ටේෂන් පාර සහ රෝසන් වීදිය මංසන්ධිය දෙසට දිව යමින් සිටියදීයි.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »