Search

ඔස්ට්‍රේලියාවේ විද්‍යුත් මෝටර් රථ අලෙවියට සිදුවෙලා තියෙන දේ

ඔස්ට්‍රේලියාවේ පිටත තදාසන්න ප්‍රදේශවල පසුගිය වසරේ විදුලි මෝටර් රථ අලෙවිය අභ්‍යන්තර නගර අභිබවා ගොස් තිබෙනවා.

විදුලි මෝටර් රථ අලෙවි ආයතන පවසන්නේ ඉහළ පෙට්‍රල් මිල වැනි ජීවන වියදම් පීඩනය මෙම ප්‍රවණතාවයට හේතු වී ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ විද්‍යුත් මෝටර් රථ අලෙවිය ලෝකයේ සෙසු රටවලට වඩා පසුගාමී වුව ද ලාභදායී මාදිලි සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති මගින් ඉදිරි වසරවලදී එම පරතරය අඩු වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

විද්‍යුත් වාහන කවුන්සිලයේ නවතම දත්ත පෙන්නුම් කර ඇත්තේ පසුගිය වසරේ ජනප්‍රිය විදුලි වාහන සන්නාමයන් සඳහා වූ ඇණවුම්වල විශාලතම වැඩිවීම උප නගර ප්‍රදේශවලින් වාර්තා වන බවයි.

සියලුම විද්‍යුත් වාහන අලෙවියෙන් හතරෙන් තුනක් සඳහා හිමිකාරිත්වය දරනු ලබන්නේ විශාලතම විදුලි මෝටර් රථ සමාගම් දෙක වන ටෙස්ලා සහ චීනයට අයත් බී වයි ඩී ඔටෝ සමාගම් විසින්.

සමස්තයක් වශයෙන්, පසුගිය වසරේ මෙම මෝටර් රථ සමාගම් විසින් අලෙවි කරන ලද විද්‍යුත් මෝටර් රථවලින් සියයට 43ක් පමණ ගොස් ඇත්තේ පිටත නගර තදාසන්න ප්‍රදේශවල සිටින පුද්ගලයින් වෙතයි.

අභ්‍යන්තර නාගරික ප්‍රදේශවල එම මෝටර් රථ අලෙවිය දැක්වෙන්නේ සියයට 39ක් ලෙසින්.

මෝටර් රථ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ පෙට්‍රල් මිල ඉහළ යාම වැඩි පිරිසක් විදුලි මෝටර් රථවලට මාරු වීමට හේතුව වී ඇති අතර සූර්ය බලශක්තිය හිමි ඉහළ අනුපාත සහ තදාසන්න ප්‍රදේශවල වීථියෙන් පිටත වාහන නැවැත්වීමේ හැකියාව ද මෙම ප්‍රවණතාවයට හේතු වන්නට ඇති බවටයි.

ෆෙඩරල් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රීස් දත්තවලට අනුව පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ නව මෝටර් රථවලින් සියයට 9.6ක් විද්‍යුත් වාහන බව ද සඳහන්.

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා.

Read More »

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ

දෙසැම්බර් පළමු වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යානවල සහ සාමාන්‍ය වනාන්තරවල කඳවුරු භූමිවල නොමිලේ කඳවුරු බැඳීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More »