
වික්ටෝරියා ප්‍රාන්තයේ සහ දකුණු ඔස්ට්‍රේලියාවේ දැඩි උණුසුම් තත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.
මේ හේතුවෙන් සැලසුම් කර තිබු උත්සව කිහිපයක් ද අවලංගු කෙරුණු අතර කාලගුණ කාර්යාංශය අනතුරු අඟවන්නේ තාප තරංගය තවමත් අවසන් වී නොමැති බවයි.
මෙල්බර්න් සහ ඇඩිලේඩ් යන නගරවල ඊයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කට ආසන්න අගයක් ගනු ලැබුවා.

පවතින තත්වය හමුවේ මෙල්බර්න්හි මූම්බා උළෙලේ සංවිධායකයින් වාර්ෂික පෙළපාලිය අවලංගු කළ අතර බටහිර ප්‍රදේශයේ උත්සව සංවිධායකයින් ප්‍රධාන සංගීත උළෙලක් ද ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙනවා.
ඊයේ පස්වරුව වන විට මෙල්බර්න් සහ ඇඩිලේඩ් නගර දෙකෙහිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ට ළඟා වූ අතර අද දිනයේ එය අංශක 38ක් පමණ විය හැකි බව සඳහන්.

අඟහරුවාදා වන විට මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 දක්වා පහත වැටෙනු ඇති අතර, ඇඩිලේඩ්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් පමණ වනු ඇති බවටයි සැලකෙන්නේ.