අතුරුදහන් වූ පිහිනුම් ක්‍රීඩකයා සොයා තවදුරටත් මෙහෙයුම්

සිඩ්නි නුවර බ්‍රොන්ටේ වෙරළ තීරයේදී අතුරුදන් වූ පිහිනුම් ක්‍රීඩකයා සොයා සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

පොලිසිය, ජීවිතාරක්ෂකයින් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගිලන්රථ හෙලිකොප්ටර් කාර්ය මණ්ඩලය සෝදිසි මෙහෙයුම් සිදු කළ ද ඊයේ රාත්‍රිය වන තෙක් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් හෙළිවී නැහැ.

නිව් සවුත්වේල්ස් සර්ෆ් ලයිෆ් සේවින්ග් නගර ශාඛාවේ රාජකාරි නිලධාරී ජෝන් රෙස්ටුචියා පැවසුවේ මිතුරෙක් සමග පිහිනමින් සිටියදී මෙම ක්‍රීඩකයා දියේ ගිලී ඇති බවයි.

අනතුරුව බෝට්ටු මගින් සහ හෙලිකොප්ටරයක් සමඟ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

රාජකාරි නිලධාරීවරයා පැවසුවේ කාර්යමණ්ඩලය බ්‍රොන්ටේ බොගී කුහරය දක්වා දකුණට සෝදිසි කළ අතර නැවත උදෑසන 6.30ට මෙහෙයුම් ආරම්භ කරන බවයි.

සර්ෆ් ජීවිතාරක්ෂක නිලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත්තේ සෑම විටම ආරක්‍ෂිත වෙරළක පිහිනීමට මෙන්ම තම නිලධාරීන් මුර සංචාරයේ යෙදෙන වෙරළක පිහිනීම සිදු කළ යුතු බවයි.

ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයට බලපෑම් එල්ල කර ඇති දැවැන්ත සුළි කුණාටු හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ කටයුතුවලට දැඩි බාධා මතුවී තිබෙනවා.

Read More »

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »