විදුලියට යන මුදල ඉතිරි කර ගන්න ක්‍රමයක්

සූර්ය පැනල සවිකිරීම මගින් වාර්ෂික විදුලි බිල්පත් ගාස්තු ඩොලර් 2,000කට වැඩි ප්‍රමාණයකින් ඉතිරි කරගත ගත හැකි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

විශේෂයෙන් සාමාන්‍ය නිවාස ඒකකයක් සඳහා වාර්ෂිකව ඩොලර් 822ත් 1350ත් අතර ඉතිරියක් එමගින් සිදු කර ගත හැකි බවයි සඳහන් වන්නේ.

ධාරිතාව කිලෝ වොට් 8.5ක වැඩි අගයක් සහිත සූර්ය පැනල සවි කිරීම මගින් වාර්ෂිකව ඩොලර් 1322ත් 2252ත් අතර මුදලක් ඉතිරි වනු ඇති.

ඒ අනුව සූර්ය පැනල සවිකිරීම මගින් වාර්ෂිකව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට ඩොලර් 1104ක මුදලක් ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් සදහා ඩොලර් 1015ක් මෙන්ම දකුණු ඕස්ට්‍රේලියානුවන් සඳහා ඩොලර් 930ක් ඉතිරි කර ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත ජනතාවට සූර්ය පැනල මගින් වාර්ෂිකව ඉතිරි කර ගත හැකි මුදල ඩොලර් 687ක්.

සූර්ය බලශක්තිය ඔස්ට්‍රේලියානුවන්ගේ බලශක්ති ඉල්ලුම සඳහා සහනධායි විකල්පයක් වන අතර රට තුළ සූර්ය පැනල ව්‍යාප්ත කිරීම සඳහා ෆෙඩරල් රජයේ අවධානය ද යොමුව තිබෙනවා.

ඕස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකක පමණ පිරිසක් මේ වන විටත් තම නිවෙස් සදහා සූර්ය පැනල සවි කර තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »