මූල්‍ය ආතතියෙන් පීඩා විදිනවා නම් නිදහස් වෙන්න ක්‍රමයක්

මූල්‍ය ආතතිය හේතුවෙන් පීඩා විදින ඔස්ට්‍රේලියානුවන් සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමේ අරමුණින් උපදේශණ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මූල්‍ය දුෂ්කරතා අත්විඳින පුද්ගලයින්ට ඔවුන්ගේ ණය සම්බන්ධයෙන් ප්‍රායෝගික උපදෙස් එමගින් ලැබෙනු ඇති.

මෙම මූල්‍ය උපදේශන ආයතනය සඳහා අරමුදල් සපයනු ලබන්නේ ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන්ගෙන් වන අතර මෙහි සේවා සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුවන බව වැඩිදුරටත් සඳහන්.

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන් දැඩි මූල්‍ය ආතතියකින් පසුවන අතර ඇතැම් පුද්ගලයින් සියදිවි නසා ගැනීමටද පෙළඹ ඇති බවයි වාර්තා වනවා.

බැංකු පොලී අනුපාතිකය ඉහළ යෑම, කුලී නිවාස අර්බුධ වැනි ගැටළු හමුවේ ඔස්ට්‍රේලියානුවන් දැඩි පීඩනයකට පත්ව ඇති බව සදහන්.

ඒ අනුව 1800 007 007 යන දුරකතන අංකය ඔස්සේ ඔබට නැෂනල් ඩෙබිට් හෙල්ප්ලයින්හි මූල්‍ය උපදේශකයකු හා සම්බන්ධ විය හැකියි.

මෙම සේවා රහසිගතව සිදුවන අතර පුද්ගල අනන්‍යතාවකට කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »