Search

මේ වසරේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරයි ද නොකරයි ද​?

මේ වසරේදී ද වාහන ආනයනය කිරීමක් සිදුනොකරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා. ඔහු සඳහන් කලේ ශ්‍රී ලංකා රජය විසින් ආනයන සිමා කර තිබියදී පවා අමෙරිකානු ඩොලරයේ වටිනාකම ඉහළ යමින් පවතින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින වාහනවල මිල ගණන් ද අධික ලෙස ඉහළ ගොස් ඇති බව පවසන වාහන ආනයනකරුවන් ගේ සභාපතිවරයා පාරිභෝගිකයින් හටද රටේ පවතින තත්ත්වය අනුව ඊට මුහුණ දීමට සිදුව ඇති බව කියා සිටියා.

“රජය විසින් ආනයනය සීමා කර තිබියදී ද අමෙරිකානු ඩොලරයේ අගය වැඩිවෙමින් පවතිනවා. එයට හේතුව ඩොලරයේ හිඟවීම නිසා ඇතිවන තත්ත්වයක්. අපි අමාත්‍ය බන්දුල ගුණවර්ධනට කියා සිටියා මේ වසරේදීත් වාහන ආනයනය කිරීම කොහෙත්ම සිදුකරන්න බැරිවේවි.” යැයි වාහන ආනයකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ ප්‍රකාශ කර සිටිනවා.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »