මාර්ග නීති නොතකා යන රියදුරන් ගැන අලුත් අනාවරණයක්

සෑම ඔස්ට්‍රේලියානු රියදුරන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් කලාප ආශ්‍රිත රථවාහන වැරදි සිදු කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

සමීක්ෂණයට එක් වූ රියදුරන් අතුරින් සියයට 33ක් පමණ සඳහන් කර ඇත්තේ පාසල් කාලාප තුළ වේග සීමා පනවා තිබුණ ද එම නීති නොතකා ධාවනයේ යෙදුනු බවයි.

මේ අතුරින් සියයට 72ක් පමණ පාසල් කලාප තුළ පමණක් නොව රිය ධාවනයේ දී අධික වේගයෙන් රිය ධාවනයේ යෙදෙන බව සඳහන් කර තිබෙනවා.

ජනවාරි මාසය තුළ පමණක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසැල් කලාප තුළ වේග සීමා උල්ලංඝණය කළ පුද්ගලයින් 3200කට පමණ දඩ නියම කර තිබුණා.

සමීක්ෂණයට සහභාගි වූවන් අතුරින් තුනෙන් දෙකක් මාර්ග සංඥා කෙරෙහි වැඩි අවධානයක් නොදක්වන බවයි හෙළිවී තිබෙනවා.

මෙලෙස මාර්ග සංඥා නොතකා පාසල් කලාප තුළ රිය ධාවනයේ නියුතු රියදුරන් අතුරින් වැඩි ප්‍රමාණයක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම අගය සියයට 40ක්.

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් හි එම අගය සටහන්ව ඇත්තේ සියයට 33ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »