ඇමරිකානු හමුදා සෙබලුන් දහසක් සමග ගාසා තීරයට නෞකාවක්

ගාසා තීරයට මානුෂීය ආධාර බෙදා හැරීම වෙනුවෙන් වරායක් තැනීම සඳහා උපකරණ රැගෙන එක්සත් ජනපද හමුදා නෞකාවක් ගමන් ආරම්භ කර තිබෙනවා.

මෙම නෞකාව පැමිණෙන්නේ මිලියන 2.3ක ජනතාවක් වෙසෙන වෙරළබඩ ප්‍රදේශයට සාගතයක් පැමිණ ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරමින් සිටින අවස්ථාවකයි.

ඒ සමගම ආහාර සහ පිටි ටොන් 200ක් රැගත් ආධාර නෞකාවක් අද ගාසා තීරයට බලා ගමන් ආරම්භ කිරීමට ද නියමිතව තිබෙනවා.

පලස්තීන සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සැපයීම සඳහා ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදිකිරීම සඳහා නෞකාවක් යවා ඇති බවයි එක්සත් ජනපද බලධාරීන් ද සඳහන් කළේ.

ඊශ්‍රායලයේ ප්‍රහාර යටතේ ජීවත් වන සිවිල් වැසියන්ට ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීම සඳහා මෙම වරාය මගින් නව මුහුදු මාර්ගයක් විවෘත කරනු ඇතැයි අපේක්ෂිතයි.

ගොඩබිමෙන් ආධාර බෙදා හැරීමේදී සහ අතිවිශාල බාධකවලට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයට සහන සැපයුම් සඳහා ප්‍රවේශය පහසු කරන ලෙස සහ ඔවුන්ගේ රථ පෙළට භූමිය තුළට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ දෙන ලෙසටයි සහන ආයතන ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ.

තාවකාලික වරාය ඉදිකිරීමේ ක්‍රියාවලියට ඇමරිකානු හමුදා භටයන් 1,000ක් සම්බන්ධ විය හැකි බව පෙන්ටගනය ප්‍රකාශ කර ඇති අතර ඔවුන් කිසිවෙකුත් ගොඩබිම මෙහෙයුම් වෙනුවෙන් යොදා ගැනෙන්නේ නැහැ.

සැලසුම් කළ තොටුපළ පිහිටුවන්නේ කොතැනද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද මාධ්‍යවල නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ පාවෙන තොටුපළක් තාවකාලික මාවතකින් ගොඩබිමට සම්බන්ධ කරනු ඇති බවයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »