
බටහිර ඔස්ට්‍රේලියානු රජය විසින් පර්ත්හි ස්වෝන් ගඟ (Swan) හරහා පාපැදිකරුවන් සහ පා ගමනින් යන ජනතාව වෙනුවෙන් නව පාලමක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.
වික්ටෝරියා උද්‍යානය සහ පර්ත් මධ්‍යම වෙළඳ නගරය සම්බන්ධ කරමින් ඉදි කෙරෙන මෙම දැවැන්ත පාලමේ ආකෘතියක් මේවන විට ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 100ක්.
මෙම පාලම් ව්‍යාපෘතියට ඩිජිටල් ආලෝක පද්ධතියක් ද ඇතුළත් වන අතර එමගින් විවිධ කලා කෘති පාලමේ කේබල් මත ප්‍රක්ෂේපණය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මෙම වසර අවසන් වන විට මගී පාලමේ ඉදිකිරීම් අවසන් කිරීමටයි බටහිර ඔස්ට්‍රේලියා රජය අපේක්ෂාවෙන් පසුවන්නේ.
ප්‍රාන්ත අගමැති රොජර් කුක් පැවසුවේ මෙය ඉදි කිරීමෙන් පසු පර්ත් නුවර ජනතා ආකර්ෂණය දිනා ගන්නා ප්‍රධාන ස්ථානයක් වනු ඇති බවයි.

පාලමේ මීටර් 17 ත් 94 ත් අතර ප්‍රමාණයේ දිගින් යුත් රැඳවුම් කේබල් ඇතුළත් වන අතර එමඟින් විවිධ ඡායාරූප සංචාරකයින්ට ප්‍රක්ෂේපණය කිරීමට හැකියාව පවතිනවා.
ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය රීටා සෆියෝටි පැවසුවේ ඉදිරි දශක ගණනාවක් සඳහා බොහෝ ප්‍රජා ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙය විශේෂාංගයක් වනු ඇති බවයි.
දේශපාලන පණිවිඩ හෝ ව්‍යාපාරික ප්‍රචාරණයක් පාලමේ ඩිජිටල් ආලෝක පද්ධතියෙන් සිදු නොකෙරෙන අතර ප්‍රදර්ශන මගින් මාර්ග පාලම භාවිත කරන රියදුරන්ගේ අවධානය වෙනතකට යොමු නොකරන බවටයි ඇය සහතික වී ඇත්තේ.
ඩොලර් මිලියන 100 ක පාලම් ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලබන්නේ ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය විසින්.