වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ජනප්‍රිය නිළියක් වන සොෆියා ලියොන් (Sophia Leone) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මිය යන විට ඇයගේ වයස අවුරුදු 26ක්.
මාස කිහිපයක් ඇතුලත මෙම චිත්‍රපට කෂේත්‍රයේ සිදු වූ හතරවන මරණය ලෙසට සොෆියා ලියොන්ගේ මරණය සැලකෙනවා.
මහල් නිවාසයක මියගොස් සිටියදී ඇයගේ සිරුර හමුවී ඇති අතර පවුලේ අය ලබා දුන් ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කළ සොයා බැලීමේදී සිරුර හමුවී ඇතැයි සඳහන්.
පසුගිය සතියේ මියාමි සිට පැමිණ තිබූ සොෆියා ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ ක්‍රියාකාරීව සිටි අතර එහිදී ඇය පෝස්ට් කිහිපයක් ද තබා තිබුණා.
මරණයට හේතුව පිළිබඳව ප්‍රාදේශීය පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති බැවින් මරණයට නිශ්චිත හේතුවක් හෙළි වී නැහැ.
ඇයගේ මරණය සම්බන්ධයෙන් සුළු පියා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ විශේෂයෙන් තම සුරතල් සතුන් තිදෙනාට දැඩි ලෙස ආදරය කරන සොෆියා සංචාරය කිරීමට කැමති, සෑම විටම තමා වටා සිටින සියල්ලන්ටම සිනහවක් ඇති කරන අයෙක් ලෙසටයි.
පසුගිය මාස තුනක කාලය තුළ, වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයේ හදිසි මරණ වැඩිවීමක් නිරීක්ෂණය වී තිබෙනවා.
මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී Kagney Lee සියදිවි නසා ගත්තේ වයස අවුරුදු 36ක්ව තිබියදී යි.
ඇය මානසික ගැටලු හේතුවෙන් පීඩාවට පත්ව සිටි අතර නිවසේදී සිය දිවි නසා ගත් බව වාර්තා වුණා.
ජනවාරි මාසයේදී, ජෙසී ජේන් (jesse jane) ඔක්ලහෝමා හි ඇයගේ පෙම්වතා වන බ්‍රෙට් හසන්මුලර් සමඟ මිය ගොස් සිටියදී සොයා ගනු ලැබුවා.
මේ අතර පසුගිය පෙබරවාරි 5 වනදා තවත් ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක වන එමිලි විලිස් (Emily Willis) මත්ද්‍රව්‍ය අධිභාවිතාවක් හේතුවෙන් රෝහල්ගත කෙරුණා
25 හැවිරිදි ඇය දරුණු කෝමා තත්ත්වයකට පත්වී ඇති අතර මේ වනවිට ඇය වෙන්ටිලේටරයක් ආධාරයෙන් ජීවත්වන බවයි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.