ඉවත දමන හොඳම තත්ත්වයේ ආහාරවලින් ජීවිතය රැක ගන්නා පිරිසක් ගැන තොරතුරු

සුපිරි වෙළඳසැල්වල අලෙවි කෙරෙන භාණ්ඩ මිල ගණන් පිළිබඳ එල්ල වන පාරිභෝගික චෝදනා හේතුවෙන් සෙනෙට් පරීක්ෂණ මණ්ඩලයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පරීක්ෂණය හමුවේ ප්‍රකාශ ලබා දුන් පුද්ගලයන් පවසා ඇත්තේ ප්‍රධාන සුපිරි වෙළඳසැල්වලින් හොඳ තත්ත්වයේ ආහාර විශාල ප්‍රමාණයක් බැහැර කරන බවයි.

විමර්ශනයේ මීළඟ මහජන සාක්‍ෂි විමසීම එළඹෙන අඟහරුවාදා ඔරේන්ජ්හිදී සහ බදාදා මෙල්බර්න්හිදී පැවැත් වීමට නියමිතව තිබෙනවා.

වර්තමාන ජීවන වියදම් අර්බුදයේ දී සුපිරි වෙළඳසැල් දැවැන්තයින් වන කෝල්ස් සහ වුල්වර්ත්හි ආහාර මිල ගණන් පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

සුපිරි වෙළඳසැල් ඇතැම් භාණ්ඩ ඉතා ඉහළ මිලක් සඳහන් කරමින් ගබඩා කළ ද දිනය අවසානයේදී ඒවා කිසිදු වටිනාකමක් නොමැති ආකාරයට ඉවත දමන බවටයි චෝදනා එල්ලවන්නේ.

වූල්වර්ත් (Woolworths) සමූහයේ ප්‍රකාශකයෙකු පැවසුවේ හැකි සෑම විටම ආහාර නාස්තිය අවම කිරීමට කටයුතු කළ ද ආරක්ෂිත හේතූන් මත ඒවා පරිත්‍යාග කළ නොහැකි බවයි.

ජීවන වියදම පාරිභෝගිකයින්ට බලපාන ආකාරය පිළිබඳව තමන් දැනුවත් අතර මිල අඩු කර ගැනීමේ ක්‍රම පිළිබඳව සොයා බලන බව කෝල්ස් (Coles) හි ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

ඇතැම් අඩු අදායම්ලාභීන් සුපිරි වෙළඳසැල්වලින් දිනපතා ඉවත් කරනු ලබන කසල බඳුන්වලින් සතියකට ප්‍රමාණවත් ආහාර මෙන්ම තම ප්‍රජාවට අවශ්‍ය ආහාර සොයා ගන්නා බව සඳහන්.

ඔවුන් නිතිපතා සුපිරි වෙළඳසැල්වල කසළ බඳුන්වලින් සොයා ගන්නා ආහාර ශීතකරණයක ගබඩා කර තබා ප්‍රයෝජනයට ගනු ලබනවා.

එක් දිනක් ඉතා හොඳින් තිබූ ආහාර රැසක් තමන් සොයාගත් අතර පසුව ඒවා වෙළඳසැල ඉදිරිපිට ප්‍රදර්ශනයට තැබූ බවයි මෙම පිරිස ප්‍රකාශ කළේ.

එය දැක බලා ගැනීමට පැමිණි ජනතාව සුපිරි වෙළඳසැලට නොයා ඒවා රැගෙන නිවෙස් වෙත ගිය බව ද ඔවුන් සඳහන් කළා.

මෙම සිදුවීම් පිළිබඳ විමර්ශනය කරනු ලබන සෙනෙට් කමිටුව ඔරේන්ජ් සහ මෙල්බර්න් මහජන සාක්ෂි විමසීම් දෙකෙන් පසු එහි අවසන් වාර්තාව මැයි 7 වැනිදා ලබා දීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »