ප්‍රධාන ගුවන් සමාගමක් වර්ජනයකට සූදානමින්

ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය දින දෙකක වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ජර්මනියේ කාර්යබහුලම ගුවන් තොටුපළවල් දෙකක් වන ෆ්‍රැන්ක්ෆර්ට් සහ මියුනිච් ගුවන් තොටුපොළවල් දෙකෙන් පිටත් වන සියලු ගමන්වලට මෙමගින් බාධා මතුවනු ඇති.

එළඹෙන අඟහරුවාදා සහ බදාදා සිදු කෙරෙන වැඩ වර්ජනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය සේවක සංගමය නිවේදනය කර ඇත්තේ ලුෆ්තන්සා සමාගමේ 2023 වසර සඳහා වූ වාර්තාගත ලාභ ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

ලුෆ්තාන්සා සමාගම පැවසුවේ සිදු කිරීමට නියමිත සේවක වර්ජනය හේතුවෙන් සංචාරකයින් 100,000ක් පමණ පීඩාවට පත් විය හැකි බවයි.

වර්ජනය හේතුවෙන් අඟහරුවාදා ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළෙන් පිටවන සියලුම ගුවන් ගමන් සහ බදාදා මියුනිච් වෙතින් පිටත් වන සියලුම ගුවන් ගමන්වලට බාධා මතුවනු ඇති.

මෙම වැඩ වර්ජනයේ අරමුණ වී ඇත්තේ ලුෆ්තාන්සා සමාගමේ සේවකයන්ට සියයට 15ක වැටුප් වැඩිවීමක් සහ උද්ධමනයට සරිලන වන්දි ගෙවීමක් ඉල්ලා සිටීමයි.

සේවක සංගමයේ සාමාජිකයින්ගෙන් සියයට 96කට වඩා වැඩි පිරිසක් වර්ජනයට පක්ෂව ඡන්දය දුන් බව සඳහන්.

මෙම තීරණයට එළැඹීම සම්බන්ධයෙන් සංගමය දැඩි කනගාටුව පළ කරන අතර වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන යම් අපහසුතාවයකට සමාව ඉල්ලා සිටින බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ජර්මනියේ ලුෆ්තාන්සා සමාගමේ තවත් සේවක පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමෙන් පසු මගීන් 200,000ක් පමණ ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් හේතුවෙන් පීඩාවට පත්වී සිටියා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »