ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපනයට සිදු වූ දේ

ඔස්ට්‍රේලියා ආර්ථික අර්බුදය අධ්‍යාපනයට සෘජුව බලපාන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

අධ්‍යයනය සිදුකළ “ The Smith Family ” ප්‍රධාන විධායක ඩග් ටේලර් කියාසිටින්නේ බොහෝ පවුල් දරුවන්ගේ අධ්‍යාපන ඉලක්ක සම්පූර්ණ කරන්නේ කෙසේදැයි සිතමින් සිටින බවයි.

ඔස්ට්‍රේලියා අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම තත්ත්වය දැඩිව බලපාන බව ද අධ්‍යයනයේදී හෙළිව තිබුණා.
පාසැල් නිල අඳුම්, පාවහන් සහ පාසල් උපකරණ වල මිල වැඩි වී තිබෙනවා.

එය දෙමාපියන්ට ගැටලු සහගත තත්ත්ව නිර්මාණය කර ඇති බවයි ඩග් ටේලර් පෙන්වා දෙන්නේ.

අධ්‍යයනයට ලක්වූ සෑම වැඩිහිටියෙක්ම සඳහන් කර ඇත්තේ තම දරුවන්ට වඩා යහපත් අධ්‍යාපනයක් ලබා දීම අතිශය වැදගත් යැයි විශ්වාස කරන බවයි.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »