ඔස්ට්‍රේලියාවෙන් හමුවූ ලොව දුර්ලභ මැණිකක් මහජන ප්‍රදර්ශනයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මැණික් පතලකින් හමු වූ ඉතා දුර්ලභ ඔපල් මැණිකක් කැන්බරා හි පිහිටි භූ විද්‍යා ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට සැලසුම් කර තිබෙනවා.

ඩේව් ඩාර්බි නම් පුද්ගලයෙකු විසින් 2020 වසරේදීයි බටහිර ක්වීන්ස්ලන්තයේ යෝවා අසල පතලකින් මෙම මැණික සොයාගෙන තිබුණේ.

අලිගැට පේර ගෙඩියක ප්‍රමාණයෙන් ග්‍රෑම් 400කට ආසන්න බරින් යුක්ත වූ නිල් සහ කොළ පැහැති ඔපල් මැණික මෙම මාර්තු මස අවසානයේ මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි මැණික් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ යෝවා අවට පමණක් දක්නට ලැබෙන දුර්ලභ වර්ගයක් ලෙසටයි සැලකෙන්නේ.

ඔපල් යනු ලොව පුරා ඉතා ඉහළ මිළ ගණන්වලට අලෙවි කෙරෙන මැණික් වර්ගයක්.

ඔහුට මෙම දුර්ලභ මැණික ඩොලර් 200,000ක පමණ මුදලකට අලෙවි කළ හැකි වුව ද ඔහු එය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම අගය කරන බවයි ඔස්ට්‍රේලියා භූ විද්‍යාවේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ස්ටීව් හිල් පැවසුවේ.

මෙම මැණික සොයා ගත් ඩාර්බිගේ පියා 1950 ගණන්වල ඕස්ට්‍රේලියාවට පැමිණි ඔස්ට්‍රියානු සංක්‍රමණිකයෙක් වන අතර ඔවුන් ද ඔපල් මැණික් පතල් කර්මාන්තයේ නිරතවූවන් බව සඳහන්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »