මෙල්බන් සහ ඇඩිලේඩ් උෂ්ණත්වය සහ ගත යුතු පියවර ගැන දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සහ දකුණු ඔස්ට්‍රේලියාවේ දැඩි උණුසුම් තත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් සැලසුම් කර තිබු උත්සව කිහිපයක් ද අවලංගු කෙරුණු අතර කාලගුණ කාර්යාංශය අනතුරු අඟවන්නේ තාප තරංගය තවමත් අවසන් වී නොමැති බවයි.

මෙල්බර්න් සහ ඇඩිලේඩ් යන නගරවල රාත්‍රියේ උෂ්ණත්වය අලුයම 4 පමණ වන විට සෙල්සියස් අංශක 30ක් පමණ අගයක් ගනු ලැබුවා.

එම උෂ්ණත්වය අද දිනයේ අංශක 40 දක්වා ඉහළ යනු ඇති බවටයි අනාවැකි පලවී ඇත්තේ.

මෙල්බර්න්හි මූම්බා උළෙලේ සංවිධායකයින් වාර්ෂික පෙළපාලිය අවලංගු කළ අතර බටහිර ප්‍රදේශයේ උත්සව සංවිධායකයින් ප්‍රධාන සංගීත උළෙලක් ද ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙනවා.

කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා ඇත්තේ දැඩි උණුසුම දිගු සති අන්තය පුරා පවතිනු ඇති බවයි.

අද පස්වරුව වන විට මෙල්බර්න් සහ ඇඩිලේඩ් නගර දෙකෙහිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ට ළඟා වනු ඇති අතර සඳුදා දිනයේ අංශක 38ක් පමණ විය හැකි බව සඳහන්.

අඟහරුවාදා වන විට මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 දක්වා පහත වැටෙනු ඇති අතර, ඇඩිලේඩ්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් පමණ වනු ඇති බවටයි සැලකෙන්නේ.

ළදරුවන්ට, ළමයින්ට, ගැබිනි කාන්තාවන්ට සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා වැඩි අවදානමක් පවතින බවින් ඔවුන් ගැන පරීක්ෂාවෙන් පසුවිය යුතු අතර ඔවුන්ට පානය කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ඇති බවට වග බලා ගන්නා ලෙසට ද දැනුම් දී තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා බලධාරීන් පැවසුවේ තාප තරංගයේදී සුරතල් සතුන් ආරක්ෂිතව තබා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසටයි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »