මියගිය පුද්ගලයෙකුගේ ගිණුමෙන් මුදල් ගන්න ඕන නිසා රෝහලට කලින් බැංකුවට ගිය කාන්තාවන් දෙදෙනා

මුදල් ලබා ගැනීම සඳහා පුද්ගලයෙකුගේ මළ සිරුරක් කාන්තාවන් දෙදෙනකු විසින් බැංකුවකට රැගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

මියගිය 80 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුර රෝහලට රැගෙන යාමට පෙර ඔහුගේ ගිණුමෙන් මුදල් ලබා ගැනීම සඳහා එම සිරුර බැංකුවට රැගෙන ගිය බවටයි කාන්තාවන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත්තේ.

ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ අධිකරණ වාර්තාවලට අනුව අවුරුදු 55 සහ 63 වයස්වල පසුවන මෙම කාන්තාවන් දෙදෙනාට මෘත ශරීරයකට අගෞරව වන ලෙස ක්‍රියා කිරීම සහ සොරකම් කිරීම යන චෝදනා එල්ල වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ කාන්තාවන් දෙදෙනෙකු අෂ්ටබුල ප්‍රාන්ත වෛද්‍ය මධ්‍යස්ථානයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සිරුරක් දමා ගොස් ඇති බවට තමන්ට තොරතුරක් ලැබී තිබූ බවයි.

පැය කිහිපයකට පසු කාන්තාවන්ගෙන් එක් අයෙකු මියගිය පුද්ගලයා පිළිබඳ තොරතුරු සමඟ රෝහලට පැමිණි අතර ඩග්ලස් ලේමන් නම් මෙම පුද්ගලයා පදිංචිව සිටි නිවසේදී මියගොස් ඇති බව එහිදී හෙළිවී තිබෙනවා.

තවත් පුද්ගලයෙකුගේ සහාය ඇතිව ඔවුන් මියගිය පුද්ගලයා ඔහුගේ මෝටර් රථයේ ඉදිරිපස අසුනේ තබා බැංකුවකට ගෙන ගොස් ඔහුගේ ගිණුමෙන් මුදල් ලබා ගත් බවට පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

මුදල් ආපසු ගැනීම සඳහා ලේමන්ගේ සිරුර බැංකු කාර්ය මණ්ඩලයට පෙනෙන පරිදි වාහනය තුළ තබා තිබූ බවටයි අෂ්ටබුලා පොලිස් ප්‍රධානී රොබට් ස්ටෙල් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මෙම පුද්ගලයා කාන්තාවන් දෙදෙනා සමග සිටින තෙක් ඔවුන්ට ඔහුගේ ගිණුමෙන් මුදල් ලබා ගැනීමට අවසර පවතින බව බැංකුව සඳහන් කර තිබෙනවා.

එහෙත් මළ සිරුර රෝහලට රැගෙන යාමට පෙර ඔවුන් එම පුද්ගලයාගේ ගිණුමෙන් මුදල් ගැනීම පිළිබඳව මෙතෙක් හේතුව හෙළිවී නැහැ.

ඔවුන්ට බිල්පත් කිහිපයක් ගෙවීමට අවශ්‍ය වූ බව ප්‍රකාශ කර ඇති නමුත් නිශ්චිත තොරතුරක් අනාවරණ කර නොමැති බව සඳහන්.

ලේමන්ගේ මරණයට හේතුව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණයට මාස අටක් පමණ ගත විය හැකි බව හදිසි මරණ පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »