ගිලන් රථයක් එන තෙක් පැය 10ක් බලා සිටි රෝගියා මියයාම ගැන පරීක්ෂණ වාර්තාව කියන කතාව

ගිලන් රථයක් අපේක්ෂාවෙන් පැය 10ක පමණ කාලයක් බලා සිටි ඇඩිලේඩ්හි පුද්ගලයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ කරුණු අනාවරණ වී තිබෙනවා.

අවදානමට ලක්විය හැකි රෝගියෙකුට හදිසි ප්‍රතිචාර දක්වන්නන් විසින් අඩු වටිනාකමක් ලබා දී ඇති බවයි සිද්ධිය පිළිබඳ සමාලෝචනයකින් හෙළිවී ඇත්තේ.

දැඩි උදර වේදනාවකින් සහ වමනය රෝගී තත්ත්වයෙන් පෙළුණු 54 හැවිරිදි මෙම පුද්ගලයා මෙලෙස ගිලන් රථයක් කැඳවා ඇත්තේ පසුගිය දෙසැම්බර් 27 වනදායි.

ලැබුණු ඇමතුමට අනුව මිනිත්තු 60 ක් ඇතුළත මෙම රෝගියා ගිලන් රථය මගින් ලබා ගත යුතුව තිබුණ ද ඔහු පැය 10ක් බලා සිටීමට සිදුවී තිබුණා.

මෙම සිද්ධිය පිළිබඳ සිදු කෙරුණු සමාලෝචනය මගින් හෙළිවී ඇත්තේ එම අවස්ථාවේ පැවති වැඩ ප්‍රමාණය සහ තිබූ ගිලන්රථ සංඛ්‍යාව අතර ගැටළුවක් සිද්ධියට හේතුවී ඇති බවයි.

තම රෝගී තත්ත්වය තවත් උග්‍ර වීම හමුවේ මෙම පුද්ගලයා තවත් ඇමතුම් ලබා දී තිබු අතර එවිට ගිලන් රථ කාර්ය මණ්ඩලය විනාඩි හතරක් ඇතුළත පැමිණි නමුත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුයේ.

හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මෙම මරණය විමර්ශනය කරන බැවින් මරණයට හේතු පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණ කර නැහැ.

දකුණු ඕස්ට්‍රේලියා ගිලන්රථ සේවයේ ප්‍රධාන විධායක රොබ් එලියට් සඳහන් කළේ ඉදිරියේදී නිශ්චිත ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සහ එම ක්‍රියාමාර්ග නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්නා බවයි.

මෙම සිද්ධිය හේතුවෙන් ලැබෙන ඇමතුමකට ගිලන් රථ ප්‍රතිචාර දැක්වීමේ වේලාවන් පිළිබඳ අධීක්ෂණය කිරීමකට ද ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »