නොමිලේ අන්තර්ජාල පහසුකම් ළඟදීම

ඔස්ට්‍රේලියානු පවුල් දහස් ගණනකට නොමිලේ අන්තර්ජාලය ලබා දීමේ වැඩසටහනක් ෆෙඩරල් රජය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

පාසල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීමට සහ ඩිජිටල් පහසුකම් සුලබ කිරීමටයි ඔස්ට්‍රේලියානු රජය අන්තර්ජාලය නොමැති සුදුසුකම් ලත් පවුල් 30,000ක් දක්වා නොමිලේ ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය වෙතින් මෙම සේවාව ලබා දීමට පියවර ගෙන ඇත්තේ.

මෙහිදී ආදායම් සීමාවක් සලකා බැලීමක් සිදු නොවන අතර සුදුසුකම් ලැබීමට අවශ්‍ය වන්නේ නිවසේ පාසල් ශිෂ්‍යයෙකු සිටීම සහ පසුගිය දින 14ක කාලයක් තුළ අන්තර්ජාල සම්බන්ධතාවයක් නොතිබීම පමණයි.

ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ ඉහළ යන බිල්පත් හේතුවෙන් පිඩාවන්ට පත්ව සිටින පිරිස්වලට මෙය දිරිගැන්වීමක් බවයි මත පළවන්නේ.

මිලියන 9කට අධික පරිශීලකයින් සඳහා අන්තර්ජාල වේගය පස් ගුණයකින් වැඩි කිරීමට විදුලි සංදේශ සමාගම් සහ ඕස්ට්‍රේලියාවේ ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය පියවර ගෙන ඇති අවස්ථාවක රජය මෙම සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා.

2023 වසරේදී අත්හදා බැලීමක් ලෙස මුලිකව ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන මගින් ඉදිරියේදී පහසුකම් ලබා ගන්නා පිරිස්වලට 2025 වසරේ දෙසැම්බර් 31 දක්වා නොමිලේ සේවා ලබා ගත හැකියි.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »