පාපැදි භාවිතා කරන අය වෙනුවෙන් අලුත්ම පාරක්

සිඩ්නි නුවර ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් හි පාපැදිකරුවන් වෙනුවෙන් නව මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම නව මාර්ගය මෙම වසර අවසන් වන විට අවසන් කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

පසුගිය සති අන්තයේ මාර්ඩි ග්‍රාස් පෙළපාලියෙන් පසු සිඩ්නි හි ඔක්ස්ෆර්ඩ් වීදියේ සිට මෙම මංතීරුවේ ඉදි කිරීම් ආරම්භ වී තිබෙනවා.

එය ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් හි බටහිර කෙළවරේ සිට ආරම්භ වන අතර සම්පුර්ණ දුර කිලෝමීටරයක් පමණ වන බව සඳහන්.

දිනපතා දහස් ගණනක් මගීන්ට සහ ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව බයිසිකල් පැදීමට ඉඩ ලබාදීම එම පාපැදි මාර්ගය ඉදි කිරීමේ අරමුණයි.

නව සැලසුමත් සමග මෙම ප්‍රදේශයේ වඩාත් කාර්යබහුලම සහ භයානකම මාර්ගයකින් පාපැදිකරුවන් වෙන් කෙරෙන බවයි සිඩ්නි නගර බලධාරීන් සඳහන් කළේ.

පාපැදිකරුවන් 3000ක් පමණ දිනපතා මාර්ගයේ ගමන් කරන අතර නව ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු එම සංඛ්‍යාව දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂිතයි.

ඔක්ස්ෆර්ඩ් වීදියේ දකුණු පස සිට ටේලර් චතුරශ්‍රයට නැගෙනහිරින් සහ පැඩිංටන් ගේට්ස් දක්වා පාපැදි මාර්ගය දිගු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »